Gossip

“ජාතික කොඩියකින් වසා රජෙකු සේ මා ගෙදර එන දිනයේ.. ඔබේ ඇකයෙන් මිදී ලක්මව් තුරුලට ගියබව සිතනු මැනේ”

බයක් සැකක් නැතුව පොළොවේ පය ගහලා ඉන්න, නිදහසේ හුස්ම ගන්න, ජීවත් වෙන්න අයිතිය දුන් මිහිපිට දෙවියන් උදෙසා ලියූ අපූරු සටහනක් අපිට හමුවුණා.
මේ එම සටහනයි….

වෙඩිමල් පොකුරු විසිරෙද්දී
තල් අරණ මැදින්…
තුවක්කු බඳ අල්ලාගෙන තදින්…
පෙරටම යනු මිසෙක බැහැ ආපසු
හැරෙනු ඉතින්…

පැකට්ටුවේ තිබූ බත්පත කන වේලේ…
අම්මගේ කෑමවල රස මට මතක් වුණේ…
සීතල බත් පිඬු එකදෙක ගිල්ලේ…
අසළින් වූ මඬ දිය බී
නිවලයි පිපාසේ…

වැස්සට තෙමී තෙමී අවුසැර වදිද්දී…
එකම ඇඳුමකින් සැරසී දින සති ගෙවෙද්දී…
බූට් සපත්තු ඇතුළේ ඇඟිලි කරු කුණු වෙද්දී…
ඇහැ නොපියවා රැක්කෙමි
ආරක්ෂක වළලු අනතුරේදී…

අණ ලැබුණා සීමා පහු කරන්නට…
ලේ කකියෑවේ කොටි කළ හදි නිමවන්න…
ගම්මානයම යුධ පිටියකි එකම…
ඈතින් ඇසුණි දරුවෙකු
හඬනා සද්ද…

මවකි ලේ විලක් මත වැතිරීලා…
බිළිඳෙකි ඇගේ තනයෙන්
කිරි උරනා…
අක්කගේ පොඩි එකාගේ මුව
මතක් වෙලා….
සත්තයි අම්මේ මගේ දරදඬු
හිත සැළුණා….

දරුවත් තුරුළු කරගෙන
ආවෙමි ගෙපැලෙන්…
දිරියෙන් යුධ වදින සගයන්
දුටුවෙමි සතර කොණින්…
මහ හඬ දී පිපිරෙන
මෝටාර් අතරින්…
දිව ගියෙමි තල් වැට නුදුරින්…

දැනුණා සිදුරු වන බව
මගේ සිරුරමවෙඩි වැදී….
වැටුණා පා අවසඟව
එතනම දරුවත් ගිලිහී…
කතා කළා අතින් මිතුරෙකු
හට අතකින් ඉඟිදී…
මාවත් රැගෙන යන්නට
තැත් කරද්දී…
හිසින් සන් කළෙමි මේ
අවසානය බව සමුදී….

උස් නිදහස වෙනුවෙන් කළ සටනේ…
අපි කුහුඹුවන් සේ පෙනුණත්
කා හට කොයි යම් විලසේ…
ජාතික කොඩියකින් වසා
රජෙකු සේ මා ගෙදර එන දිනයේ…
ඔබේ ඇකයෙන් මිදී ලක්මවු තුරුලට
ගියබව සිතනු මැනේ…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!