Gossip

ජාඇල සාප්පු සංකීර්ණයක් ළඟ කපුරු බෝල විකුණපු දරුවාට ලැබුණු මනුස්සකම පිරුණු අපූරු නත්තල් තෑග්ග – Photos

සමහර මිනිස්සු ඉන්නවා තවත් කෙනෙකුගේ දුකක් කරදරයක් දැකලා සතුටු වෙන.
තවත් අය ඉන්නවා කෙනෙකුගේ දුකක් වේදනාවක් ප්‍රශ්නෙකදි ඒ අයට පිහිට වෙනවා.
හැබැයි එහෙම අය ඉන්නේ අතලොස්සක්.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැනයි.
ඒ ජාඇල පැත්තේ  සාප්පු සංකීර්ණයක් ඉදිරිපස කපුරු බෝල විකුණමින් සිටි දරුවෙකුට උතුම් මිනිසුන් පිරිසක් දීපු මිල කළ නොහැකි නත්තල් තෑග්ගක් ගැනයි.
මේ ඒ් කතාවයි.

මේ පුංචි පුතා හිටියේ ජා ඇල සාප්පු සංකීර්ණයක් ඉදිරිපස කපුරු බෝල අලවි කරමින් ..අනේ අහින්සක දරුවෙක් එයාව අපි දකිනකොට මේ දරුවා ලොකු ප්‍රශ්නෙක හිටියේ ‘ මට ඇහුනා එයා කියනවා security මහත්මයත් එක්ක අනේ සර් මට මෙතන ඉන්න එපා කියනවනේ කියලා.
හරිම අසරණ මූණක් තිබ්බේ …එයා කියව කියවා ඉද්දි මගෙ ළඟට කතා කරලා අහුවා මට කපුරූ පැකට් එකක් දෙනවද කියලා.
මම ඒ අහුවේ කපුරු ඕනවට නම් නෙමේ මට එයාට පුංචි මුදලක් දෙන්න උවමනාව තිබ්බා.
ඒත් මගේ අම්මා නම් මම කරපු දෙයින් සෑහිමකට පත් උනේ නැහැ
අර දරුවා චුට්ටක් ඈතට යනකන් ඉදලා මගෙන් අම්මා ඇහුවා
‘අනේ පුතේ අපි එයාට නත්තලට මොනවා හරී අරන් දෙමුද කියලා.මම ඒක මල්ලි වෙනුවෙන් හැම අවුරුදෙම කරන දෙයක් කියලා..එහෙම කිව්වම මටත් මාර සතුටුයි එහෙම කියලා අපි ආයේ ඇතුලට යන්න යද්දී security මහත්තයා කිව්වා.
මිස් ඔයාලට යන්න පුලුවන් හැබැයි මෙයාට යන්න දෙන්න බැහැ කියලා සාප්පු සංකීර්ණයට … පස්සේ අනේ මේ අහින්සකයගේ මූන තවත් මැල වුණා.
පස්සේ මන් security මහත්තමයාට කිව්වා .නැහැ අපිට එයත් එක්ක ‍යි යන්න ඕන කියලා ,මේ ලමයගෙ කපුරු පැකට් එක security මහත්තයා ඉල්ලගෙන හරි දැන් යන්න මේ මිස්ලා එක්ක කියලා එයා අපිත් එක්ක ඇවිත් එයාට අවශ්‍ය කරන රෙදි පිලි ටිකක් ගත්තා ….සපත්තු ,කමිස, කලිසම් …. මගේ අම්මා ට අනේ ඊට වඩා සතුටක් නැහැ …අම්මගේ තාත්තාගේ සතුට තරම් අපිට මේ ලෝකේ තවත් සතුටක් නැහැනේ යාලුවනේ …මේ වගේ පුංචි අසරණ වෙච්ච දරුවෝ. දෙමව්පියෝ දහස් ගනනක් මේ රට ඇතුලේ ඉන්නවා.
මේ පුංචි මූණට එක මොහොතකට හරී චූටි හිනාවක් ගේන්න ලැබිච්ච එකට මට ගොඩක් සතුටුයි. ස්තූතී අම්මා මේක තමයි මගේ ජීවිතේ ලස්සනම නත්තල.

ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!