Gossip

ජර්මනියෙ ඉදන් එළවළු වගා කරන තුෂාරි – Photos

ජර්මනියෙ ඉන්න තුෂාරි තමන්ගේ පවුලත් එක්ක එකතුවෙලා එළවළු වගා කරනවා කියලා අපිට අහන්න ලැබුණා. තමන්ගේ කම කොහෙගියත් නැතිවෙන්නේ නැති බව පසක් කරන ඇය තමන් කරන මේ වැඩේ ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියට.

“මම තුෂාරි. දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්. ඉපදුනෙ ලංකාවෙ චූටි ගමක. මගෙ සීය ආච්චි ගොවියො. අපිට කුඹුරු තිබුන. මගෙ අම්මත් ගොඩක් වැවුව. මාත් පරිසරේට ආදරේ කෙනෙක්.
යුරෝපෙ ජනාකීර්ණ නගර වල ඉඳපු අපි අන්තිමට ටිකක් ඈතින් ගම්බද ගෙයක් ගත්තා ඉඩමකුත් එක්ක.
මෙහේ තම්පලා පුහුල් බණ්ඩක්ක වගේ එළවලු හිඟයි. අනික සීත කාලෙදි එළවලු ගණනුත් එක්ක.
අපි හිතුව ඇයි අපි වවන්නැත්තෙ කියල. අද අපේ ගෙවත්තෙ වවපුව දකිද්දි හරි සතුටුයි.
අපි මේව අහලපහලත් එක්කත් බෙදා ගන්නව. ඒ අයටත් හරි සතුටුයි මොකද සමහර එළවලු වර්ග ඒගොල්ලො දැකලවත් නැති ඒව.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!