Gossip

චීන ජනරජය පිහිටුවීමේ 70වැනි සංවත්සරයට ආලෝක රටා සැණකෙළියක් – වීඩියෝ

චීන ජනරජ දිනය වෙනුවෙන් චීනයේ හාර්බින් නුවර පැවැති ආලෝක රටා සැණකෙළියක් පිළිබඳ විදෙස් පුවත් වාර්තා කර තිබෙනවා.

චීන ජනරජය පිහිටුවීමේ 70වැනි සංවත්සරය ලබන මස පළමුවැනිදාට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් චීනය පුරා විවිධ උත්සව සංවිධානය වී තිබුණු අතර ඉන් තවත් එක් උත්සවයක් පැවැත්වුණේ හෙලොන්ජියෑන් ප්‍රාන්තයේ හාර්බින් නගරයේදීයි.

සැණකෙලිය සදහා ආලෝක රටා සංදර්ශනයක් මෙන්ම සංගීත ප්‍රසංගයක්ද එක්කර තිබුණා.

නගරයේ ඉතාමත් වැදගත් ස්ථාන වන සොන්ග්පු පාලම, මධ්‍යම වීදිය හා හාර්බින් ඔපෙරා නිවෙස ඇතුලු ස්ථාන කිහිපයක් මෙම ආලෝක රටාවලින් සරසා තිබුණා.

මම හා මගේ රට ලෙස නම්වුණු මේ සැණකෙලියේ ප්‍රධාන ඉසව් මෙහෙයවනු ලැබුවේ සොන්හුවා නදිය මතින් ගමන්කරන සොන්ග්පු පාලම මතයි.

සැණකෙලියේදී හාර්බින් කලාපයට සුවිශේෂී වූ සංගීත කලාවන් ද වැඩි ඇගයීමට ලක්වුණා.

චීනයේ හාර්බීන් නුවර සංගීතයේ නගරය ලෙසින් නම් කිරීමට යුනෙස්කෝ සංවිධාන 2010 වසරේදී කටයුතු කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!