චීනය සිදු කළ චන්ද්‍රිකා ගුවන් ගත කිරීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය සනිටුහන් වන්නේ චීනයේ ලෝන්ග් මාර්ච් ප්‍රවාහන රොකට් මාලාවේ 311වැනි මෙහෙයුම ලෙසයි.
නව දුරස්ථ සංවේදක චන්ද්‍රිකා පහක් සාර්ථකව කක්ෂගත කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
වයඹදිග චීනයේ ගෝබි (Gobi)කාන්තාරයේ ජීකුවාන් (Jiuquan) චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ සිට එම චන්ද්‍රිකා ගුවන් ගතකළ ආකාරයයි මේ.
චන්ද්‍රිකා ගුවන් ගතකිරීම සිදුකළේ ලෝන්ග් මාර්ච් ලෙවන් (Long March-11) රොකට්ටුව ආධාරයෙන් වන අතර
චීනයේ ෂුහායි – වන් (“Zhuhai-1,”) නම් වාණිජ දුරස්ථ සංවේදක චන්ද්‍රිකා තාරකා මණ්ඩල ව්‍යාපෘතියට සමගාමීව මෙම ගුවන් ගත කිරීම සිදුකර තිබෙනවා.
එය ක්ෂුද්‍ර නැනෝ චන්ද්‍රිකා 34 කින් සමන්විත යි.
චන්ද්‍රිකා රැගත් රොකට් යානය වැඩි දියුණු කර ඇත්තේ චයිනා ඇකඩමි ඔෆ් ලෝන්ච් වෙහිකල් ටෙක්නොලොජි (China Academy of Launch Vehicle Technology)නම් අභ්‍යවකාශ සමාගම මඟින්ය.
එමෙන්ම තාක්ෂණය පිළිබඳව හාර්බින් (Harbin) ආයතනය චන්ද්‍රිකා නිපදවා ඇති අතර ඒවා මෙහෙයවනු ලබන්නේ චීන සමාගමක් බව විදෙස් වාර්තා වල සඳහන්.
ලෝන්ග් මාර්ච් ප්‍රවාහන රොකට් මාලාවේ 311වැනි ගුවන්ගත කිරීම මෙය බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
