තරු හුට පට

චීනයේ මංතීරු 50ක අධිවේගී මාර්ගයක් ට්‍රැෆික් වූ හැටි

1

2
ලොව සීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් හිමි චීනය එරට ජනගහණය දිනෙන් දින වර්ධනය වීමට සාපේක්ෂව මංමාවත් ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ඉහළ දියුණුවක් අත්කර ගනිමින් සිටියි. කෙසේ වුවද චීනය පසුගිය දිනක මුහුණදුන් ඇදහිය නොහැකි පුවතක් ගැනයි මේ ඔබව දැනුවත් කරන්න යන්නේ.

ඒ චීනයේ මංතීරු 50ක අධිවේගී මාර්ගයක ඇති වූ රථවාහන තදබදයක් ගැනයි. මේ මාර්ගය G4 Beijing-Hong Kong-Macau Expressway ලෙස නම් කර තිබේ.එම අධිවේගී මාර්ගයේ පිටවීමේ පර්යන්තය ආශ්‍රිතව වාහන පරික්ෂා කිරීම සඳහා නව පිවිසුමක් ස්ථාපිත කිරීම මෙයට හේතුව බව පැවසෙනවා. එසේම මුරපොළ පසුකර යාමත් සමග නැවත මාර්ගය පටුවීම ද මෙම රථවාහන තදබදයට හේතුවක් බවයි කියවෙන්නේ.

චීන ජාතික දිනය යෙදෙන මේ මස 1 වැනිදාට පසුව ලැබෙන සති අන්ත දීර්ඝ නිවාඩුව (ගොල්ඩන් සතිය) ගත කිරීමට ‍ගොස් නැවත බීජිං හි පිහිටි සිය නිවෙස් බලා පැමිණෙන පිරිසක් මෙලෙස අධිවේගී මාර්ගයේදී දැඩි රථවාහන තදබදයකට මුහුණපාන අයුරු දැක්වෙන ඡායා රූප හා වීඩියෝවක්ද අන්තර්ජාලයට මුදාහැර ඇත.

චීනය කෙතරම් දියුණුවුවත්, එරට ජනගහණය හා සැසඳීමේදී මංතීරු 50ක අධිවේගී මාර්ගයක සිදුවන මෙම රථවාහන තදබදය ගුවනේ සිට දිස්වන්නේ මෝටර් රථ නැවතුමක් (carparks) මෙනි.

එම වීඩියෝව පහතින බලන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!