ඉන්දියාව චන්ද්‍රයා වෙත යැවූ යානාව සද මත පතිත වී ඇති බව නාසා ආයතනය පවසනවා.
මේ මාසය මුලදී ඉන්දියාව චන්ද්‍රයා වෙත යානාවක් ගොඩබැස්වීමට දැවැන්ත උත්සාහයක නිරත වුණා.
එහෙත් අවසාන මොහොතේදී යානාව හා පැවැති සබඳතාව ගිලි හී යාමත් සමඟින් චන්ද්‍රයාන් ටූ නම් මෙහෙයුම අසාර්ථක වුණා.
කෙසේ නමුත් නාසා ආයතනය මඟින් නිකුත් කෙරුණු නවතම වාර්තාවකට අනුව පෙන්වා දෙන්නේ අදාළ යානාව පාලනයකින් තොර වේගයකින් චන්ද්‍රයා මත පතිත වී ඇති බවයි.
චන්ද්‍රයාන් ටූ සඳ තරණ මෙහෙයුම් මත ඉන්දියාව බොහෝ බලාපොරොත්තු තබා තිබුණා.
එය වඩාත් සුමටව ගොඩබැස්වීමට නියමිතව පැවතියේ චන්ද්‍රයාගේ දකුණු අර්ධගෝලය සමීපයේ වන අතර අවසාන මොහොතේදී සිදුවූ අභාග්‍යසම්පන්න සිදුවීම ඉන්දීය සඳ තරණ සිහිනය බොඳකිරීමට සමත් වී තිබෙනවා.
කෙසේ නමුත් ඉන්දියාවේ වික්‍රම් රෝවරය රැගත් යානාව පතිත වූ ස්ථානය නිෂ්චිතව අනාවරණය කිරීමට නාසා ආයතනය කටයුතු කර නැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
