චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා නව ගවේෂණ යානයක් එහි යැවීමට ඇමරිකානු නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා. වයිපර් ලෙසින් නම් කෙරුණු විශාල රොබෝ ගවේෂකයා 2022 වසරේ සඳ මත පතිත කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ. ඇමරිකානු ගගනගාමීන් නැවතත් සඳ වෙත යැවීමට සැලසුම් කෙරෙන අතර, ඊට පෙර සඳේ ජලය පවතින්නේ දැයි තහවුරු කර ගැනීම මෙම පර්යේෂණයේ අරමුණයි.
