දිවි මඩලෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ නිසල දේහය නාවල කොස්වත්ත පාරේ අංක 162 දරන නිවසේ තැන්පත් කර තිබෙනවා.
ඒ මහතාගේ අවසන් කටයුතු 2019 මැයි 30වන බ්‍රහස්පතින්දා සවස 4.00ට නාවල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රංගන ශිල්පිනී ප්‍රතිභා හෙට්ටිආරච්චිගේ පියාණන් වූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා මිය යන විට 68 වන වියේ පසුවුණා.
ගාමිණී හෙට්ටිආරච්චි මහතා මේ දිනවල දෙරණ නාලිකාව මගින් විකාශය වන සිඳු ටෙලි නාට්‍යයේ සිඳුගේ පියා ලෙස රංගනයේ නියැලුණා.
ඒ් මහතා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වුණේ හෘදයාබාදයකට ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මේ දියණිය ඇතුළු ඔහුගේ පවුලේ ඡායාරූප කිහිපයක් මෙන්න.
