සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ලෙස හදුන්වන තැනැත්තාගේ සහෝදරයා වන 36 හැවිරිදි සමන් ජයලත් නැමැත්තා පාපොච්චාරණයක් සිදුකර තිබේ.
අද දිනයේ අදාළ සැකකරු අධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව පැය දෙකට අධික කාලයක් මහේස්ත්‍රාත් නිල නිවසේදී අදාළ පාපෝච්චාරණය සිදුකර ඇති බව සඳහන්ය.
ඉන් අනතුරුව නැවතත් විවෘත අධිකරණය වෙත සැකකරු රැගෙන පැමිණ ඇති අතර ඔහුගේ අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබේ.
ඒ සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් අවසර ලබා දී ඇති බවද සඳහන්ය.
ඊට අමතරව සැකකරුගේ ආරක්ෂාව සඳහා බන්ධනාගාරය තුළ වෙනත් සැකකරුවන් නොමැති ස්ථානයක රඳවා තබා ගැනීමටද මහේස්ත්‍රාත්වරයා විසින් අවසර ලබා දෙන ලදී.
කරුණු සලකා බැලූ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා සැකකාර පුද්ගලයා එළඹෙන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.