Gossip

කේන්දරේට අනුව කියන දේ හරියනවමයි කියන තැන මම නැහැ – සුරාජ් මාපා

ඇත්තටම ජීවිතේ මොනතරම් කේන්දරේ එක්ක බද්ධ වෙලා තියෙනවද?
ජනප්‍රිය තරුවක් වන සුරාජ් මාපාගෙ ජීවිතේට කන්රේ බලපාල තියෙන හැටි ඔහු කියන්නේ මෙහෙමයි.ඔබේ කේන්දරේ කවදාවත් මගේ ළඟ තිබුණ දෙයක් නෙමෙයි. එදා ඉඳලම තිබුණෙ අම්ම ගාව. අද අම්ම ජීවතුන් අතර නැති නිසා ඒකෙ අයිතිය මගේ ලොකු අක්කට ඉබේම පැවරිලා. මේ වෙද්දි අක්ක ගාව තමයි කේන්දරේ තියෙන්නෙ.කේන්දරේ ගැන මොකද හිතෙන්නෙ අපි ඉපදෙන වෙලාවට පවතින ග්‍රහ තත්ත්වය සම්බන්ධ කරල හදන ලියැවිල්ලක්. ඒත් අවිනිශ්චිතයි. කේන්දරේට අනුව කියන දේ හරියනවමයි කියන තැන මම නැහැ. එහෙමයි කියල ඒ ගැන අවිශ්වාසයෙන් කටයුතු කරන්නෙත් නැහැ. හරියට ජ්‍යොතිෂය දන්නා කෙනකු ලවා ඕක බලවගත්තම අඩු ගානෙ බලාපොරොත්තුව ඇතුව ඉදිරියට යන්න පුළුවන්කම කෙනෙකුට ලැබෙනවා.ප්‍රයෝජනයට ගන්නෙ මොන වෙලාවටද එහෙම අවස්ථා නම් මෙතෙක් උදාවෙලා නැහැ. අම්ම ඉන්න කාලෙ ගෙදර හැමෝගෙම හඳහන් බලවන අවස්ථාවලදි යමු කිව්වම මම ඇයත් සමග හඳහන් බලවන්න ගිය අවස්ථා තියෙනව.

අපල කාල ගැන විශ්වාස කරනවද ?
කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනව වගේ හොඳ කාලයක් ගත කරගෙන යද්දි අපිට නරක කාලසීමාවලට මුහුණ දෙන්නත් වෙනව.

නැකැත් අනුගමනය කරනවද?
දිනපතා කරන කිසිම වැඩකදී හිත හිත නැකැත් අනුගමනය කරන කෙනෙක් නෙමෙයි මම. ඒත් පුංචි කාලෙ ඉඳලම අම්ම තාත්ත අවුරුදු නැකැත් අනුගමනය කරද්දි හරිම කැමැත්තෙන් ඒ නැකැත් චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන්න පුරුදුවෙලා හිටිය. ඒ ඇරෙන්න ජීවිතේ සම්බන්ධයෙන් ඇතිවෙන සුබ කටයුත්තකදී නැකැත් අනුගමනය කරනව.දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය බුදු දහම ගැන ලොකු විශ්වාසයක් තියෙනව. බුදුන් වැඳල දෙවියන්ට පිං අනුමෝදන් කළාම හිතට ලොකු සහනයක් දැනෙනව කියන විශ්වාසය මා තුළ තියෙනව.පුද පූජා ශාන්ති කර්මවලට දෙන තැන සීයට පනහක විශ්වාසයක් තමයි ඒ ගැන තියෙන්නෙ. අපේ පැරණි ජනතාව කරපු මන්ත්‍ර ගුරුකම් ගැන අහද්දි විශ්වාස නොකර බැහැ. ඒත් අද මේක බිස්නස් එකක් කරගෙන මිනිස්සු රවට්ටන අය නිසා විශ්වාස කරන්නත් බැහැ. කොහොම වුණත් මැණික් ගල් පැළඳීමෙන් ඒ හරහා ශරීරවලට ලැබෙන කිරණ මිනිස්සුන්ට යහපත ළඟාකරනව වගේම නියමිත ශාස්ත්‍රයට අනුව සැකසුණ යන්ත්‍රවලින් සහනය ලබන්න පුළුවන් කියන එක ගැන විශ්වාසයක් තියෙනව.ජ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන ඔබේ පැහැදීම ශාස්ත්‍රය නිවැරදියි. අද මේකෙ නියැළිලා ඉන්න සමහර අය විශ්වාස කරන්න බැහැ. මම මේ ශාස්ත්‍රයේ ඇත්ත නැත්ත ගැන දැනගන්න අධ්‍යයනය කරන්න කැමතියි.කේන්දරේට කියපුව සැබෑ වුණ තැන් එක සැරයක් මගේ කේන්දරේ බලපු වෙලාවක කියල තිබුණ හදිසි අනතුරුවලට ලක්වෙන්න ඉඩ තියෙනව පරිස්සම් වෙන්න කියල. අම්ම ඒ ගැන මට නිතරම මතක් කළා. කොහොමටත් මම මොනදේ කළත් පරිස්සමෙන් කරන කෙනෙක්. ඒ අනවශ්‍ය කරදර මඟහැර ගන්න ඕන නිසා. ඔය දේ කියල දවස් තුනක් ගතවෙද්දි හැමදාමත් යන ජිම් එකේ දොර කියල හිතාගෙන වෙන තැනකින් යන්න ගිහින් වීදුරුවක වැදිල මාව තුවාල වුණා. කොච්චර පරිස්සම් වුණත් මම අනතුරකට ලක්වුණා.

නළුවෙක් වෙන බව කේන්දරේ සඳහන් වුණාද?
පුංචිම කාලෙ අම්මගෙ මාම කෙනෙක් මගේ කේන්දරේ බලල කියල තිබුණ මම මේ රටේ ජනප්‍රිය චරිතයක් වෙනව කියල. ඒත් අම්මල කවදාවත් ඒක විශ්වාස කළේ නෑ කියල අම්ම පසුකාලෙක මට කිව්ව.කවද හරි විවාහ වෙන්නෙ කේන්දර ගලපලාද කේන්දර බලවල පොරොන්දම් 21 ම හරියට ම ගලපල විවාහ ජීවිතේ අවුල්කරගත්තු අය අතරෙ ඕව දශමයක්වත් ගැලපෙන්නෙ නැතුව කසාද බැඳල ප්‍රීතිමත් පවුල් ජීවිත ගතකරන අය ඕන තරම් ඉන්නව. ප්‍රධානම දේ තමයි විවාහ වෙන දෙන්නගෙ අදහස් හොඳින් ගැලපීම. එහෙමයි කියල කේන්දර නොගලපා විවාහ වෙන්න කියන එක නෙමෙයි මම මේ කියන්නෙ. ඔය අතරෙ විශේෂම කාරණා දෙක තුනක් තියෙනව ගැලපිය යුතුම. ඒ දේවල් ගැන ඇත්තටම උනන්දු වෙන්න ඕන. මොකද ඔය රාස්ස ගණයේ මිනිස්සු එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් ඒ ගණයේ අයටම විතරයි කියන එක කේන්දර තුළින් විතරක් නෙමෙයි නිකනුත් මම දැකල තියෙන දෙයක්.

රාහු කාලෙට බයද?
අපෝ නෑ මොකටද බයවෙන්නෙ. දවස ගානෙ රාහු කාලෙ බල බල නම් වැඩකරන්නෙ නෑ මම කවදාවත්. ඒත් සුබ වැඩකට අතගහද්දි මුදල් යොදවද්දි රාහු කාලෙ මඟහැරල ඒ කටයුතු සිදුකරපු වෙලාවල් ඕන තරම් තියෙනව.මොකද අන්තිමට සුබම වෙලාවෙ ඒ කටයුත්ත ආරම්භ කළා කියන එක හරි හිතේ ඉතුරු වෙනවනෙ.ලග්නය කටක අවුරුද්දකට කී වතාවක් කේන්දරේ බලවනවද එහෙම හිත හිත නිතර නිතර කේන්දර බලවන්න යන්නෙ නෑ. ඉදිරියේදි අවශ්‍යම වුණොත් වගේම ජ්‍යොතිෂය හරියට දන්න ඒ ඇසුරින් නිවැරදි අනාවැකි කියන කෙනෙක් හමුවුණොත් නම් අනිවාර්යයෙන්ම ගිහින් බලවනවා. මොකද එහෙම වුණාම ඒ කියන දේවල්වලට අනුව හැඩගැහෙමින් ජීවිතය ගැන සුබවාදීව වගේම ධනාත්මකව හිතන්න අපට හැකිවෙන නිසා.

උපුටා ගැනීම..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!