ඉපදුන දවසෙ ඉඳලම අපි මැෂින් වගේ වෙලා හිටියේ..අපි එහෙම කිව්ව එහෙම හිතුවා..
හුස්ම ගන්නවත් වෙලාවක් නෑ අපි කිව්වා. කන්න වෙලාවක් තිබුනෙ නෑ.
කියපු මිනිසාට අවසානයේදී ස්වභාවධර්මය විසින් ටික දිනක් හෝ නිවාස අඩස්සියේ හිරකර ජීවිතය යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට ඉඩ සලස්වා දී ඇත.
ඔබ බෞද්ධයෙක් නම් මෙය හේතුපලවාදය මෙනෙහි කිරීමට කාලය පැමින ඇතැයි සිතන්න
ලෝකයේ දිනකට වාහන හා කර්මාන්තශාලා වලින් පිට වුන විෂ දුමින් වායුගෝලය, ජල ගෝලය මේ සියල්ල මහා
පරිමානයෙන් විනාශ විය. එනිසා අප සුරකින ඕසෝන් ස්ථරයද විනාශ වෙමින් පැවතුනේය. එමෙන්ම වනාන්තර විනාශ කරපු එයට වග කිවයුතු මානව වර්ගයාම නිවාස අඩස්සියේ හිරකර තබා අද ස්වභාවධර්මය විසින් එය නැවත ප්රතිසංස්කරණ කර යථාතත්වයට ගන්නා තුරු ලෝකයම සියලුම මානව ක්රියාකාරකම් තාවකාලිකව නවතා ඇත.
මිනිසුනේ හිතන්න. නැවත හිතන්න. අප එකතු වී විනාශ කරපු අපේම ලෝකයම අපට එරෙහිව අප විනාශ කිරිමට සලසුම් කරන බව.
