බෙයා ග්‍රිල්ස් කියන්නේ බ්‍රිතාන්‍යයේ ත්‍රාසජනක වැඩසටහන් මෙහෙයවන්නෙක්. ඔහු මේ සම්බන්ධයෙන් ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයෙක්.මේ පාර ඔහුගේ ත්‍රාසජනක වැඩසටහන සඳහා කවුරුවත් හිතුවෙවත් නැති පුද්ගලයෙක් එක්වෙලා තියෙනවා. ඒ තමයි ඉන්දීය අගමැති නෙර්න්ද්රසිං මෝඩි.
man vs wild නමින් විකාශය වන වැඩසටහනට තමයි මෝඩි මේ විදියට සම්බන්ධ වෙලා තියෙන්නේ.
මේ වෙනකොට 68 වැනි වියේ පසුවන ඉන්දීය අගමැති මේ වගේ ත්‍රාසජනක වැඩසටහනකට සම්බන්ධ වීම ලෝකයම පුදුමකරවන කරුණක් බවට පත්වෙලා තියෙනවා. මෙම වැඩසටහන ලබන මාසයේ 12 වෙනි දින රාත්‍රී 9 ඩිස්කවරි චැනලය ඔස්සේ විකාශය වීමට නියමිතව තිබෙනවා.
අගමැති පවා සංචාරය නොකළ ඉන්දියාවේ උත්තරාඛාණ්ඩ් ප්‍රදේශයේ වනාන්තරයක තමයි මෙම වැඩසටහන රූපගත කරලා තියෙන්නේ.