සමහර ඡායාරූප පිටුපස සංවේදී කතා සැඟවිලා තියෙනවා.
මේ ඒ විදිහේ ඡායාරූපයකට ලියවුණු අපූරු සටහනක්..
එපා මට ඉර හඳ..
එපා මට රන් සළු..
එපා මට මහ මෙර..
ඒත් ඔබ ඕනෙ මට..
එක වරක් ඇස් ඇරල ..
බලනවද මා දිහා ..
අඟවන්න ඇසෙන බව
අනේ නොරිදෙන්න ඔබට..
හිතේ දුක හිර වෙලා..
කදුලු බැහැ තව දෙන්න..
මට ඕනෙ නිදන්නට..
නුඹේ උරහිස අසල..
හිත රිදෙන ප්රශ්න ගැන..
එපා ඔබ හිතන්නට..
පැටව් ඇති ගුලිවෙලා
ඉක්මනට නුඹ එන්න…
ඊයේ දිනයේ නෙත ගැටුන මේ ජායාරූපය මා සිත බොහෝ කම්පනයකට පත් කලා..අපේ හදවත් අතර තිබෙන බැදීම් කොතරම් ගැඹුරුද?
මම ව්ශ්වාස කරනවා ආදරය කියන්නෙ අරුම බැදීමක්..ආදරය නොවින්දට ආදරය කරන මිනිස්සුන්ගෙ හදවත් මම අදුරනව.. ඔබට ඇයව දැනෙනවාද ? ඔබට ඇයව ඇසෙනවද?මට ඇයව දැනුන ,මට ඇයව ඇසුනා..ඔබේ ප්රියයන්ගේ සිත් මොහොතකට වත් රිදවන්න එපා..
ජීවිතේ විදින්න..අපිට යන්න වෙන වෙලාව අපි කවුරුත් දන්නෙ නෑ..මිනිසුනේ මෙයයි ජීවිතේ…මොහොතක් ඇයව සංවේදීව දකින්න..එවිට ඇගේ හඩ ඔබටද ඇසේවි
උපුටා ගැනීම – තරිදු අමිල
