මාවනැල්ල සූර සරදියෙල් ගම්මානය බලන්න යන පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් හා රන් භාණ්ඩ ලබාගන්නා කල්ලියක් පෙරේදා 11. 30 පමණ වෑගන්තලේ ප්‍රදේශ වාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී තිබෙනවා. එම කල්ලියේ 3නෙකු ඒ විදියට ප්‍රදේශ වාසීන් විසින් අල්ලගන තියෙනවා. සූර සරදියෙල් ගම්මානය බලන්න ආව තරුණයන් දෙදෙනෙකුගෙන් මේ විදියට බලහත්කාරයෙන් මුදල් ගන්න ගිය අවස්ථාවේදී තමයි ගම්වාසින් මේ පුද්ගලයන් තුන්දෙනා කොටු කරගන තියෙන්නේ. එම පුද්ගලයන් තිදෙනා පොලිසියට බාරදීමෙන් අනතුරුව මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා. එහිදී ඔවුන්ව ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගර ගත කරන්න නියෝගකර තිබෙනවා.