පසුගිය දවසක පොලිස් අධිකාරීවරයෙක් ගීත ගයන වීඩියෝවක් හැමතැනම වගේ හුවමාරු වුණා.
ඔහු තමයි රත්නපුර දිසාව බාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ.
මේ වීඩියෝව හරහා ඔහු ගැන ලොකු කතාබහක් ඇතිවුණු නිසා අපි හිතුවා ඔහුට කතා කරන්න.
පසුගිය දවසක ඔබතුමා ගීත ගායනා කරන වීඩියෝවක් අන්තර්ජාලය පුරාම හුවමාරු වුණා නේද..?
ඔව් රත්නපුර පොලිස් සේවයේ යෙදිලා ඉන්න කටිට්ය එක්ක සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා.එම කණ්ඩායම හදුන්වලා දීමෙදී තමයි මම ගීත ගායනා කලේ. ඒක you tube එකේ එහෙම share කරලා තිබුණා.
කොහොමද ඔබේ සංගීත දිවිය පටන් ගත්තේ..?
පොඩි කාලේ ඉදන්ම සංගිතයට ප්‍රියතාවයක් දැක්වුවා.
පොලිස් සේවයට බැදෙන්න පාර කැපුනේ කොහොමද..?
මගේ තාත්තා පොලිස් සේවකයෙක් .ඔහු කොස්තාපල් විදියට තමයි සේවයට බැදුනේ. ඔහුට ලොකු උවමනාවක් තිබුණා මාව පොලිසියට බදවන්න.
ඔහු තමයි පොලිස් සේවයට බැදෙන්න ප්‍රධාන හේතුව වුණේ.
මේ රාජකාරී කටයුතුත් එක්ක සංගීතයට වෙලාවක් වෙන් කරන්න පුළුවන්ද..?
ඇත්තටම මම කරන රාජකාරිය එක්ක ගොඩක් කාර්යබහුලයි.වෙලාවක් ඇත්තෙම නැහැ.
නමුත් පුළුවන් වුණ ගමන් පොලිස් සේවයේ යෙදෙන කාර්යමණ්ඩලයේ අය එක්ක සිංදු කියනවා.
අද හුග දෙනෙක් මේ සංගීත රසය කලාව කියන දේ අදුරන්නේ නෑ.. ඒක විදින්න දන්නේ නෑ.. ඒ ඇයි කියලා ඔබට දැනෙන්නේ කොහොමද..?
මෙහෙමයි ඉස්සර අපි පරිසරයත් එක්ක ගොඩක් ගැටුනා.සෙල්ලම් කලා. සිංදු කිව්වා කලාව රසවින්දා.
දැන් එහෙම දෙයක් දරුවෙක්ට පොඩි කාලේ ඉදන්ම ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ඉස්සර අපි වහිනකොට කෙසෙල් කොට පැද්දා බොට්ටු යැව්වා.ඒත් දැන් කාලේ ළමෙක් මොකද කරන්නේ වහිනකොට රෙද්දක් පොරවගන නිදියගන්නවා. දැන් ළමයිට කිසි දෙයක් දරාගන්න බැහැ.මොනවහරි දෙයක් වුණ ගමන් ඉක්මනට ජීවිතේ නැතිකරගන්න බලනවා.
මේ දේවල් වලට යොමුවෙලාතියෙන්නේ පරිසරය සහ කලාව එක්ක පොඩි කාලේ ඉදන් ගැටෙන්නේ නැති නිසා. රසවිදින්නේ නැති නිසා.
මේ වෙද්දි මොනවද කරලා තියෙන ගීත..?
ආදර කුරුළු යුවළ කියලා ගීතයක් කළා. ඒ 2000 අවුරුද්දෙදි.
මේ සිංදුව කළේ අනෝජ් සුසන්ත. ඔහු සංගීත ගුරුවරයෙක්.
පද නිර්මාණය කළේ විජයදාස රත්නායක.
මියුසික් කළේ ලස්සන ජයසේකර. ඔහු සංගීත අධ්යක්ෂවරයෙක්.
තව අම්මා ගැන ගීතයක් කළා නිසලව ජලකද සයුරට ගෙන යන කියලා.
මෙහි පද රචනය කළේ තුසිත වික්‍රම ගුණරත්න. ඔහු සහකාර පොලිස් අධිකාරිවරයෙක්.
මේ ගීතයෙත් සංගීතය සැපයුවේ ලස්සන ජයසේකර මහතා.
තාත්තා ගැනත් ගීතයක් කළා.
ඔබේ ඇසින් මුළු ලොවම දුටුව දා තමයි ඒ ගීතයේ නම.
මෙහි පද රචනය බන්දුල ජයසිංහ.
තනු නිර්මාණය කළේ සෝමසිරි මැදගෙදර.
සංගීතය ලස්සන ජයසේකර.
ඉදිරි බලාපොරොත්තු මොනවද..?
ඉදිරි බලාපොරොත්තු කියන්නේ ඉතින් මට පුතාලා දෙන්නෙක් ඉන්නවා.ලොකු පුතා ගුරුවරයෙක් දෙවෙනි පුතා යුග හමුදාවේ හයවන පාබල සෙන් ලුනිතනන්.ක නිලධාරියෙක්.
ඔවුන්ගේ විවාහයන් ගැන බලලා තව රාජකාරී වශයෙන් මට ලබන්න තියෙන උසස්විම් ලබාගන ඉදිරි කාලයෙත් අවංකව සේවය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඔබට ලැබෙන්නේ මොන වගේ සහයක්ද..?
මගේ සේවය දැනට අවුරුදු 30.මේ කාලය ඇතුලත මට හැම නිලධාරියෙක්ගෙන්ම ලොකු සහයක් ලැබෙනවා.
උසස් නිලධාරීන් මට ගොඩක් ආදරෙයි.මම අවංකව කැපවීමෙන් සේවය කරන නිසා මට ලොකු සහයක් ලැබෙනවා .
ඔබ නිතරම මිසිස්සු එක්ක ගැටෙන චරිතයක්.. අද මේ සමාජය හරි වෙනස්.. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ..?
සමාජය පොලිස් නිලධාරියෙක් ගැන බලාගන ඉන්නේ .ඉතිම් අපි අනිවාර්යෙන් අදර්ශමත්ව අවංකව ඉන්න අවශ්‍යයි.
අපේ හැසිරීම සාමාජයට බලපානවා.පවුලට බලපානවා. නෑදෑයින්ට බලපානවා. ඉතින් පොලිස් නිළධාරියෙක් වශයෙන් සමාජයට වගේම හැම කෙනෙක්ටම ආදර්ශයක් වෙන විදියට කටයුතු කරන්න අවශ්‍යයි. මොකද හැම දෙයින්ම සමාජය අපිව මනිනවා.
පාර්ටිවල එහෙමත් සිංදු කියනවා ඇති.. කොයි වගේ සුන්දර මතකයක්ද තියෙන්නේ ඔබේ මේ කලා ජීවිතේ ඇතුලේ..?
ඔව් ගොඩක් දෙනෙක් දන්නවා මට සිංදු කියන්න පුළුවන් කියලා. පාටියකට මගුල් ගෙයකට ගියත් මට අනිවාර්යෙන්ම සිංදුවක් කියන්න වෙනවා.
මම සිංදු කියන්න නොගියත් මට ආරාධනා කරලා සිංදු කියන්න කියනවා. අද සිංදුවක් කියන්නැද්ද , මේ සිංදුව අනිවාර්යෙන් කියන්න කියලා මට ආරාධනා කරනවා. පොලිස් සේවයේ දී තිබෙන උත්සව වලදිත් මට ආරාධනා ලැබෙනවා .
