පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත්, සංගීතවේදියෙකු මෙන්ම ගායන ශිල්පියෙකුවන ඉරාජ් වීරරත්නත් අද (31) කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලකට ගිහින්. ඒ නිකම්ම නෙවෙයි. ‘කාල්ටන් රග්බි 7‘තරඟාවලියේ ප්‍රවර්ධන වැඩසටනකට අදාළ කටයුත්තකටයි. ඒත් ඉතිං බාලිකා පාසලක ගැටිස්සියන් ඉරාජ් වගේ තාරුණ්‍යයේ සිත් වලට කතා කරන ගීත ගයන කෙනෙක් ලේසියකට අතාරින්න සූදානම් නෑ. මේ ගැටිස්සියෝ ටික ඉරාජ් වටකරගෙන ඇවිටිලි කරන්නට වෙලා.
“අනේ ඉරාජ් අයියේ. සිංදුවක් කියන්නකෝ.“ කට්ටියම පංතිවලින් එළියට ඇවිත් කානිපින්දම් කියන්නට වෙලා.
අන්තිමට තමන්ගේ ජංගම දුරකථනයේ තිබිච්චි සංගීත ඛණ්ඩයකට ඉරාජ් ගීතයක් ගායනා කෙරුවා.
ගැටිස්සියෝ ටික තාලෙට අත්පුඩි ගහමින්,අත්වැල් අල්ලමින් ඉරාජ්ට සහය දුන්නා. වැඩේ දිගට නැඟල යද්දි පාසලේ ගුරුවරියන්ට වැඩේ දිරෙව්වෙ නෑ.
“මෙහෙම ඉස්කෝලවලට ඇවිත් සිංදු කියලා නටන්න ගියාම මේ ළමයි හදාගන්නෙ කොහොමද?“ ඇතැම් ගුරුවරියක් බර බරේ දැම්මා.
“මේ කෙල්ලො ටික පංතිවලින් එළියට ඇවිත් නටන්න වුණාම ඉස්කෝලෙ විනය තියාගන්නේ කොහොමද? තවත් ගුරුවරියක් සද්දෙ දැම්මා.
කොහොම වුණත් ඊට පස්සේ මේ ගුරුවරියො ටික එකතුවෙලා ඉස්කෝලෙ ප්‍රින්සිපල් මැඩම් හම්බවෙලා මේ සිද්ධිය ගැන තමන්ගේ විරෝධය පෙන්නලා. ඒ විතරක් නෙවෙයි මේ ගැන හොයලා බලන්න කියලත් බොහොම තදින් කියලා.
avidarshi
July 31, 2014 at 9:15 am
mekath rupawahinye pennuwanam thami hoda mokada lami isskole yanne namal babage weda balanna nemine
Idunil
July 31, 2014 at 2:13 pm
Im a student of Sirimavo Bandaranaike and i was there when Namal Ayiya and Iraj coming to do the rugby promotion in our school, there wasnt any such incident and it was really awesome event. so don’t publish such gossip news in a reputed media like Ada Derana