Gossip

ඇයි ඔබ දෙවියෙක් නොවි ප්‍රේතයෙක් වුණේ? “ඇයි දානමාන පිංකම් දුන්නේ නැද්ද?”

බුදු දහම යනු හේතු ඵල දහමයි. හේතුවක් නැතුව ඵලයක් හට නොගනී. හේතුව නොනසා ඵලයද වැසිය නොහැකිය. දුක සැප සම්පත් දේපල ලැබිම් හා විනාශවිම් සියල්ලක් යෙදෙන්නේ හේතු ඵල දහමට අනුවයි.
සංසාරයේ දන් දුන් අයට වර්ථමානයේ සැප සම්පත් ලැබේ. ත්‍රිහෙතුක කුසල සිතින් දන් දුන් අයට අංග සම්පුර්ණ ලෙස ප්‍රතිවිපාක ලැබේ.
බොහෝ දෙනා ලද දෙයින් තෘප්තිමත් නොවි සැහිමට පත් නොවි දුක් විදිති. එහෙත් දහම දන්නා බොහො අය සිත හදාගෙන සැනසෙති. ඔවුහු පසුතැවිලි නොවෙති.
කොට්ටාවේ සුනන්ද සිව් දරු මවකි. බුද්ධික චන්දික පුතුන් සමන්ති හා යශෝධා යන දියණියන් දෙදෙනා ඇගේ දරුවෝය. දරුවන්ගේ පියා මියගොස් වසරකි.
දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවය කළ ඔහු මිය යන විට දරුවන් සියළුම දෙනා විවහා වී සිටියාය. අ.පො.ස සාමාන්‍ය පෙල විභහාගය පමනක් සමත් වී සාමාන්‍ය රැකියාවල යොමු වු ඔවුහු උසස් අධ්‍යාපනයට උනන්දු නොවුවෝ වෙති.
පියා මිය ගොස් වසරක් පමක් ගත වෙද්දි රාත්‍රියට එහා මේහා නිවසේ කිසිවෙකු ඇවිදින අයුරු මවටත් දරුවන්ටත් පෙනෙන්නට විය. ඒ අවස්ථාවෙදි නිවස පුරා තද දුර්ගන්ධයක් පැතිරෙන්නට වු අතර විටින් විට නිවසේ ශබ්ද ඇසෙන්නට විය.
මේ නිසා පවුලේ සියළුම දෙනා විවිධ අසනිපවලට ගොදුරු වි ප්‍රතිකාර ගන්නට සිදු වේ. මේ පස් දෙනාට වරින් වර පියාගේ භුත ආත්මය ආවිශ්ට වී නොයකුත් කරදර පිඩා ඇති කරන්නට විය.
මෙම අසනීපවලට ප්‍රතිකාර ගත්තත් ඔවුහු ස්ථිර සුවයක් නොලැබිනි. නිවසේ පවතින අසාමාන්‍යතා වලට වත් සුවයක් නොලැබුහ. ඔවුහු අන්තිමට ගුප්ත ගවෙෂන මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණිහ. අධ්‍යාත්මක උපදේශකවරයා මුණ ගැසි ඔළඹ ඇති රෝග තත්වයක් හා නිවසේ පවතින අසාමාන්‍ය සිද්දිය විස්තර කළහ.
ගවේශකවරයා රෝග පරික්ෂාවේ දි කලින් දින වසා දමන ලද චක්‍ර පද්ධතින් ශුද්ධ කොට වසා දැමිය. දින විසි එකක් පන්සලේ දි බෝධි පුජා පවත්වා නැවත එන්නැයි උපදේස් දුන්නේය.
ඒ අන්ව බෝධි පුජා පවත්වා ඔවුහු නැවත පැමිනිය. එදින රෝග පරික්ෂාවේදි කලින් දින වසා දමන ලද චක්‍ර පද්දති පිරිසිදු කොට නැවත විවෘත කළේය. එදින සුනන්දගේ ශරිරය තුලට භුතආත්මයක් දිශ්ටි ගැන්වි ආවේශ විය. ගවේශකවරයා භුත ආත්මයෙන් ප්‍රශ්න කළේය.
කවුද මේ?
මම ගුනදාස භුතයා කිවේය.
කවුද ගුනදාස කියන්නේ ?
මේ දරුවන්ට මම කොයිතරම් ආදරයකින්ද කටයුතු කළේ.
රස්සාවෙන් පඩි ගත්තම බුලත් විටක්වත් කන්න මම වියදම් කළේ නෑ. මුලු සේසතම මේ දරුවන්ටයි මම වියදම් කළේ. ඒත් මේ ගොල්ලන්ට සාමාන්‍ය පෙලෙන් එහාට ඉගනගන්න බැරි වුණා.
දැන් මේ අය පුංචි රස්සාවක් කරනවා. විවහා වෙලත් ඉන්නවා. ඒත් මේ හදපු වදපු තාත්තට සැලකුවේ නෑ.
ඇයි දානමාන දිලා පිං දුන්නේ නැද්ද?
මට එවායින් වැඩක් නැෑ. මහත්තයා මගේ සිතුම් පැතුම් අනුව මේයාලා ඉහල ගියේ නෑ. මම බලාපොරොත්තු වුණේ මෙයාලා යානවහන අරගේන උසස් තැන්වල ඉදි කියලා. ඒත් එක කරන්න මේ අයට බැරි වුණා. ඒ නිසා මම මැරුනෙත් එ් හිතේ අමාරුවෙන්.
ඔබ මැරුනේ මොනවා වේලාද?
එදා මට යාළුවෙක් මුණ ගැහුණා. කාලේකට පස්සේ මුණ ගැහුණු එ් යාළුවා කිව්වා ඒයාලාගේ දරුවේ හොදට ඉගේනගෙන උපාධි පාස් වෙලා ලොකු තැන් වල රස්සාවල් කරනවා කියලා. ලෝකු ලෝකු ගෙවල හදාගෙන යානවහන අරගෙන ඉහලින් ජීවත්වෙන බව.
එදා හැන්දැවේ මම ඒ ගැනත් මගේ දරුවෝ ගැනත් කල්පනා කර කර ඉන්නකොට හදිස්සි හෘදයාබාධයක් හැදිලා මම මැරුණා.
ප්‍රේතයා ගවේෂකයා ඉදිරියේ කිව්වා.
මරණයෙන් පස්සේ ඔබ ඔබේ දරුවන් ඉහළ තත්වයකට යා යුතුය කියන තන්හාව නිසා අපාගත වුණා.
දරුයන් හතර දේනා ජනාධිපති,අගමැති,ඇමති වෙන්න ඔනේ කියලා ඔබ හිතවා. ඒත් එක සිද්දවෙනවද? එහෙම වෙන්නේ නෑ. ඒත් දරුවන් හොද මිනිස්සු වෙනවනම් එච්චරයි.
තාත්තා කෙනෙකුට අවශ්‍ය දැරුවන් සතුටින් ජීවත් වෙනවා දකින්න. ඔබේ යාළුවන්ගේ දරුවන් කොයාතරම් ඉහල මට්ටම් වල හිටියත් සතුටින් ඉන්නවද කියලා ඔබ දන්නවද? යම් යම් බාහිර අභ්‍යන්තර හේතු නිසා ඔවුන් දහසක් දුක් වෙදනාවලින් දුක් විදිනවද කියලා අපි දන්නේ නෑ.
ඔබ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සෙවකයෙක්. ඇයි ඔබ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරි වුණේ නැත්තේ? ඕනම කෙනෙක් ඕනාවට වඩා බලාපොරොත්තු තියාගත්තොත් අපි දුකට පත් වෙනවා. ඒ නිසා ඔබ දැන් ප්‍රේතයෙක් වෙලා.
භුතානයේ ජාතික නිශ්පාදන මනින්නේ “සතුට” අනුව. ජනතාව “සතුට” භුක්ති විදින තරම ගණනය කරනවා.
මේ සසර ගමන ඉතා දිර්ඝයි. කෝටි ප්‍රකෝටි ගණන් අපි ජාති වාදයේ ඉපදුණා. මැරුණා. ඒ නිසා මේ සියලු ලෝක වල ඒ නිසා සියළු සත්වයන් මගේ දෙමව්පියන් අමු සැම් දු දරුවන් කියලා සිතන්න ඕනේ.
මගේ දරුවෝ මෙන්ම අනුන්ගේ දරුවොත් කවදා හෝ මගේ මව්පිය දරුවන් වෙන්න ඇතැයි කියලා හිතන්න ඕනේ. පරම මෛත්‍රිය පතුරවන අය කවදාවත් අපායේ යන්නේ නෑ.
ඒ කී ගවෙශකවරයා දරුවන් හතර දෙනාට වෙන වෙනම පියා වෙනුවෙන් දානමය පිංකම් කර නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
දන් පිරිනමා පියාට පිං අනුමොදන් කර නැවත පැමිණියා. එදින භුත ආත්මය බිරිදට ආවිශ්ට වීය.
මහත්තයා මගේ දරුවන් යුතුකම් දන්නා අය. හොදට පිං කළා. මට සතුටුයි. මගේ ළමයි ගුණගරුකයි. මේ වගේ ළමයි අද නෑ.
භුත ආත්මය සතුටින් පැවසිය. සුදු මල් වට්ටියකට භුතයා සම්බන්ද කළ ගවේශකවරයා දරුවන් අතම භුත ආත්මය කැලණියට යැවිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!