හිමිකරුවන් නොමැතිව අසරණ වූ සතුන් සිය නිවසට රැගෙනවිත් රැකබලා ගන්නා තරුණියක් පිළිබඳව මීරිගම මාලදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඉන්දියාවේ නාට්‍ය හා රංග කලාව පිළිබදව පාඨමාලාවක්ද හැදෑරූ ඇය සිය ජීවිතය සතුන් වෙනුවෙන් කැපකිරීමට මේ වනවිට තීරණය කර තිබෙනවා.
සකුන්තලා මානවඩු මහත්මිය පවසා සිටියේ, මේ වන විට තම නිවසේ සතුන් විශාල පිරිසක් සිටින බවයි.
ඉඩමේ පොඩි කොටසක් සතුන් වෙනුවෙන් වෙන් කර ඇති බවත් පැවසු ඇය කවුරුන් හෝ තුවාල වී ඇතැයි පැවසු විට මෙම සතුන් ගෙනැවිත් බෙහෙත් කරන බවත් පැවසුවා.
සතුන්ට සුව කිරීමෙන් අනතුරුව උන්ව බලා ගැනීමට ඉඩ පහසුකම් නොමැති කමින් මේ වන විට යහළුවන්ගේ නිවෙස්වලත් බල්ලන් 11 දෙනෙක් පමණ නවතා ඇතැයි ද පැවසු ඇය, ජීවිතයම මෙම සතුන් වෙනුවෙන් කැප කර ඇති බව අපට පෙනී ගියා.
ජීවිතයක් රැක ගන්න කිසිදු ප්‍රයෝජනයක් නැතුව වුවද මෙම තරුණිය ගනු ලබන උත්සහ නිතැනින්ම ප්‍රශංසනීයයි.
මෙවන් අසරණ වු සතෙකුගේ ජීවිතයක් රැක ගන්න ඔබටත් ඇයට හැකි පමණින් දායකත්වය ලබා දිය හැකියි.
වැඩි විස්තර දැන ගන්න
අමතන්න – සකුන්තලා මානවඩු මහත්මිය
දුරකථන අංක – 0768 68 40 29 / 0702 35 44 04
