බන්ධනාගාර ගත වෙලා ඉන්න හුගක් අයගේ ජීවිත කතා හරි අමුතුයි.
පසුගියදා මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නත් ජනාධිපතිවරයා අත්සන් කළා..
මේ බන්ධනාගාර ගතව ඉන්න.. ඉක්මනින්ම එල්ලා මරන්න කියලා ඉල්ලීම් කරන රැදවියෙකුගේ ජීවිත කතාවකි.
ඇයි අපිට වද දෙන්නෙ අපිව එල්ලලා මරන්න..?
මේ සිරකරුවා මට මුණගැසුණේ මිට වසර දොළහකට පමණ ඉහත දිනෙක බොගම්බර බන්ධනාගාරයේදිය ඉන්පසු ඔහු හමු විමට යාමට මට නොහැකි වුවත් ඔහු ඉදහිට මට
දුරකථන ඇමතුමක් ලබාදිමට පුරුදු වී සිටියේය.
මිට සති දෙකකට තුනකට පමන ඉහත දී මට දුරකථන ඇමතුමක් ලබා දුන් ඔහු එලෙස සිය දුක පවසන්නට විය.
දැන් ඔහු කල් ගෙවන්නේ අගුරනකෙලපැලැස්ස බන්ධනාගාරයට යොමුකර තිබුණේ එහි සිරකරුවන්ට ඕන ඕන විදියට නටන්න හැකියාවක් නොමැති නිසාය.
එම බන්ධනාගාරයට නවින තාක්ෂණයෙන් යුතු වුවකි.
සැම ස්ථානයකටම සී.සී ටිවි කැමරා සවිකෙට ඇති බැවින්ද වෙනත් නවිණ තාක්ෂණික මෙවලම් හෙතුවෙන්ද ජංගම දුරකථන කුඩු ගංජා ඇතුලු සිරකරුවන්ට තහනම් කිසිවක් එ් තුලට රැගෙන යාමට නොහැකි බව බන්ධනාගාර රැදවියන්ට සිය අවශ්‍යතා සපුරා ගැනිමට කිසිම බාධාවක් නොමැති බව මට වැටහුණේ මේ රැදවියා ජංගම දුරකථනයකින් ඇතුලේ සිට මා හට ඇමතුමක් ලබා දිම නිසාය.
එල්ලලා මරණ නොමරණ එක නෙවෙයි මට දැනගන්න ඕනේ ඔය බන්ධනාගාරෙට ටෙලිෆොන් අවේ කොහොමද කියලා.
මම අහලා තියෙන විදියට අගුණකෙලපැලැස්ස බන්ධනාගාරයට බාහිර දෙවල් මොනවත් ගෙනියන්න බැරිලු.
කවුද නෝනා එහෙම කියන්නේ අනිත් එවා වගෙයි ෆෝන් කුඩු ගංජා හැමදේම මේකෙත් තියෙනවා.
ගෙන්න බැරිනම් මම කොහොමද නෝනට ඇතුලේ ඉදන් කොල් කරන්නේ.
දැන් මොකක්ද අලුත්ම ප්‍රශ්නේ කී වතාවක් මරන්න කියලා ඉල්ලලා වහලවල් උඩ නැග්ගද? ඔහෙට ගිහිල්ලත් එක කරා නේද?
ඕව් නෝනා මම දැන් අවුරුදු විස්සක් විතර ඇතුලේ.
ඇතුලට එද්දි මට අවුරුදු විසි දෙකක් විතර ඇති දැන් හතලිිස් හතරක් වෙනවා. තව අවුරුදු කියක් මම මේක ඇතුලේ දුක් විදින්නද?
මම හැමදාම හර්තාල් කළේ දුන්න දඩුවම ක්‍රියත්මක කරන්න කියලා මිසක් නිදහස් කරන්න කියලා නෙවෙයිනේ.
තමුන්ට කවදාවත් නිදහසක් තියා ස්වභාවධර්මයෙන් වත් සමාවක් ලැබෙන එකක් නෑ.
නමුත් අදහන දෙවියන් වහන්සේ තමුන් කරලා තියෙන්න අපරාදෙට සමාවක් දෙයිද?
අනෙක ඇතුලේ ඉදලා තවත් මර්ඩර් එකක් ගැහුවනේ.
දෙවියන් වහන්සේ ඒකත් බලාගෙන ඉන්න ඇති. ඒ මර්ඩර් එක ගැහුවට නම් දෙවියන් වහන්සේ මත් එක්ක තරහා වෙන එකක් නෑ.
මොකද මගේ අතින් මැරුම් කැවේ මැරෙන්නම ඕන එකෙක්.
ඒ කියන්නේ ඌ මැරෙන්නම ඕන නිසාද මරලා දැම්මේ.
එතකොට තමුන් මැරෙන්න ඕන එකෙක් නෙවෙයිද?
නෑ එහෙමම නෑ නෝනා දන්නවද මගේ අතින් මැරුම් කාපු එකා කවුද කියලා..?
ඔව් මම පත්තරවලින් දැක්කා අර පවුලක්ම විනාස කරපු එකාවනේ මැරුවේ
අන්න හරි ඌ තමයි.
ඒ මනුස්සයා කරපු දේයි තමුන් කරපු අපරාධයයි අතර වැඩි වෙනසක් නෑනේ ඇත්තටම ඒ මිනිහව මැරුවේ මොකද?
නෝනා ඌ මහා ජාරා විදියට පවුලක්ම වනසලා දැන් ඇතුලේ ලොක්කා වෙන්න හදනවා.
ඒවා කොහෙද මාත් එක්ක මම ඌට ගහලා දැම්මා.
මරන්න තරම් මොනවද වුණේ ?
නෑ මිනිහා පොර වෙලා මගෙනුත් වැඩ ගන්න හැදුවා. ඌ හෝකන්දර මම මොදර මැඩම් දන්නවානේ ඇතුලේ මම හර්තාල් කරලා හරි මගේ අදහස් මම එළියට දානවා මිසක් ඔය එක එකාට දෙවෙනි වෙන්න යන්නේ නෑනේ.
එදා මිනිහා මට සද්දයක් දාගෙන ආවා මට යකා නැගලා ගලක් ඔලුවට ඇරලා දැම්මා. ඌ එතනම මැරුණද කොහෙද?
මරණ දඩුවම නියම වෙලා ඉන්දිත් මිනියක් මැරුවට මොන දඩුවම්ද නේ ?
ඇයි නඩුව අහලා බරපතල වැඩ ඇතිව ජිවිතාන්තය දක්වා සිරදඩුවම් දුන්නොත් දැන් ඔයා අතපය හොල්ලන්නේ නැතිව ඉන්න විදියට ඉන්න ලැබන්නේ නෑනේ.
නෑ ඒ දඩුවම් දෙකෙන් වැඩි දඩුවම් දෙයි.
ඒ කියන්නේ අතපය හොල්ලලා වැඩක් කරන්න කැමති නෑ
අවුරුදු විස්සක් මේ විදියට ඉදලා දැන් වැඩ කරන්න හොරයි නොනා ඒ කතාව නෙවෙයි ජනාධිපතිතුමා කිව්වානේ මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කියලා තවමත් ඒ ගැන මුකුත් නැද්ද?
එල්ලුම් ගහ ක්‍රියාත්මක වන බව අසා හිරගෙදරින් පැන යාමට පවා දරුණු ගණයේ අපරාධකාරයන් සැලසුම් කරද්දි මොහු මරණයට මුහුණ දිමට දරණ උත්සහාය ගැන මට දුක හිතුණි
මේහෙම මරණ දඩුවමක් ක්‍රියාත්මක කරන්නේ ඔයාලා වගේ ස්ත්‍රි දුෂක ඝාතකයන්ට නෙවෙයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට
හරි ඒ වුණාට අපිටත් මරණ දඩුවම දිලනේ තියෙන්නේ අනික මායි අනිත් තුන් දෙනයි එකතු වෙලා අර ගැණු කෙනාව උත්සගෙන ගිහින් දුෂණය කරලා මරපු බව සාක්ෂි එක්ක ඔප්පු වෙලා ඉවරයි නේ. මරණ දඩුවම නියම කළේ ඒක නිසානේ.
ඉස්සල්ලා කුඩුකාරයෝ එල්ලලා ඊළගට අපිව එල්ලුවානම් හරිනේ.
මොහු කතා කරන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක කරන්නේ මා යැයි සිතාගෙන වැනිය.
තමා එල්ලා මරණ ලෙස ඔහු මට බල කරයි. ඔහු එලෙස මා පවසන්නේ හිතේ ඇති අදහස් දුක් දොම්නස් පිට කර ගැනිම උදෙසා විය යුතුය.
එබැවින් මා ඔහුට ඇහුම්කම් දිමටත් සිත සැනසෙන පිළිතුරු දිමටත් සිතා ගනිමි .
එහෙම නෙවෙයි ඔය පෙර ආත්මවල කරගෙන අපු පව් පලදිලා තියෙන්නේ මේ ආත්මේ කළේ ලෙහෙසි පහසු පවක් නෙවෙයි කියලා දන්නවනේෙ.
ඔයාලා කරපු වැඩේ කොච්චර දරුණුයිද කැතයිද නිකන් ඉන්න කොට කල්පනා වෙනවා ඇතිනේ.
ඔයා මෙහෙම කරන්න නොවන දේවල් ගැන හිත හිතා දුක් වෙන්න එපා. එන විදියකට මුහුණ දෙන්න පුළුවන් හැම වෙලෙම භාවනා කරන්න. ඇතුලේ අයට වෛර නොකර මෛත්‍රි කරන්න කවුරු එක්කවත් ගහගන්න යන්න එපා හොදාන් ඉන්න බලන්න.
මා එලෙස පවසද්දි නිශ්ශබ්ධව අසා සිටියේය. ඒ සැනින් පස්සේ ගන්නම් කියමින් ඔහු ජංගම දුරකථනය විසන්දි කළේය. ඒ බන්ධනාගාර නියාමකයෙකු අසලින් යන්න ගිය නිසා විය යුතු යෑයි මට සිතුණි.
ඔහු මා සමග කතා කොට මාසයක් පමන ගෙවි යද්දි සිව් දෙනෙකු එල්ලා මැරිම සදහා ජනාධිපතිවරයා අත්සන යෙදුවේය. ඒ සිව් දෙනා තෝරාගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමට වැරදිකරුවන් එල්ලා මැරිමට නියමිතව දැනට බන්ධනාගාරගතව සිටින ලැස්තුව අධ්‍යනය කිරිමෙන් අනතුරුව ජනාධිපතිවරයාට අවශ්‍ය මෙරට වෙලාගෙන තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම නැති කිරිම උදෙසා කුඩු ජාවාරම් කරුවන් මරා දැමිම පමණි. එබැවින් මේ සිරකරුවට කවදාවත් එල්ලුම්ගට නගින්නට සිදුවෙන්නැයි සිතිම සැක සහිත වේ.