Gossip

අපේ ක්‍රිකට්වලට මිතුරුවී බංග්ලාදේශයට හතුරුවූ හතුරුසිංහට සුපිරි පිතිකරු සර්කාර් පහර දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න පුහුණුකරු විදිහට පත්වුණු චන්දික හතුරුසිංහට ලොකු අභියෝගයකට මුහුණදෙන්න සිදුවී තිබෙනවා.
ඒ තමයි තමන් පුහුණුකළ බංග්ලාදේශ කණ්ඩායම සමඟ ක්‍රිකට් තරගාවලිය.
ලංකා කණ්ඩායමත් හතුරුසිංහත් බංග්ලාදේශයට කොයි විදිහේ අභියෝගයක් වෙයිද කියන කාරණය ගැන බංග්ලාදේශ සුපිරි පිතිකරුවෙකු වන සෞම්‍යා සර්කාර්ගෙන් එරට මාධ්‍ය විමසා තිබුණා.
එහිදී ඔහු පවසා තිබුණේ මෙවැන්නක්.

මගේ දක්ෂතාව මත මම කණ්ඩායමේ රැදේවි. මම දන්නේ නෑ මට කවුද කැමති කියලා.
මම හිතන්නේ නෑ හතුරුසිංහ නිසා ශ්‍රී ලංකාව අමතර වාසියක් ගනීවි කියලා.
අලුත් අවුරුද්දේ අපි ඉන්නේ අලුත් පුහුණුකරුවෙක් එක්ක.
ඒ වගේමයි ශ්‍රී ලංකාවටත්. ඔවුන්ටත් ඉන්නේ අලුත් පුහුණුකරුවෙක්. මේ තරගාවලිය දිනන්න කරන්න පුළුවන් හැමදේම වගේ අපි කරනවා.
ප්‍රේක්ෂකයන්ටනම් ගොඩක් දේවල් කියන්න පුළුවන්.
මේ ගැන උදාහරණයක්ද ගෙනඑමින් සර්කාර් පවසා තිබුණේ යම් ශිෂ්‍යයෙකු පාසලට ඇතුලත් කරගෙන ඔහුට විභාගය මුහුණ දීමට අවස්ථාව ලැබී ඔහු හොදින් විභාගය සමත් වුවහොත් ඔහු පුද්ගලයෙක් කියාවි, ඒ වගේ තමයි කණ්ඩායමේ පුහුණුකරුවා වුණත් මම හොඳට කළොත් මට කැමති වේවි යනුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!