ජැක්සන් ඇන්තනී විසින් ඔහුගේ මිත්‍රයෙකු වන ආබාධිත රණවිරුවෙක් ගේ නික්මයාමක් පිළිබඳව මේ විදියට සමාජ මාධ්‍ය හරහා ශෝකය පළකර තිබුණා.
“අනේ මගේ අහිංසක මිත්‍රයා….ඔබට නිවන් සුව ලැබේවා….!
මා ඔහුව දන්නේ 2007 සිට. මැදවච්චියට කලින් රඹෑවෙ ඉතා කුඩා නෙලුම් කොලේ බත් කඩයක් තිබුනා. ඒ යුද්ද කාලෙ කව්රුත් ඔය පාරෙ යන්නෙ නෑ. ඉඳහිට යන ට්‍රක් එකක්, ලොරියක් විතරයි. මං යන හැම වතාවකම ඔතන නැවතී ගියා.ඔහු ආබාධිත රණවිරුවෙක්. යුද්දෙ අවසන් උනාම පාරෙ සංචාරකයො වැඩි උනා. අව්රුද්දෙන් අව්රුද්ද කඩේ දියුණු වෙනව මං බලාන හිටියා. අන්තිමේ ඔහු ලොකු ව්‍යාපාරිකයෙක් උනා.
ගිය සුමානෙ මං පදවියට යද්දිත් එතනින් කෑම කෑවා. බන්දු මහත්තය එදා මට අතුරුපසට මීවදයකුත් දුන්න. ඊයෙ මට මේ ඛේදය ආරංචි උනා.
අහෝ ජීවිතය. ඔබට නිවන් සුව පතනු මිස මං වෙන මොනවා කරන්නද…….!!”
