ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල පාලකයින් හරි අපූරු වැඩකට අතගහල තියෙනවා. ජනාකීර්ණ මාවත්වල පදිකමාරු හරහා වේගයෙන් වාහන ධාවනය කරන රියදුරන්ගේ වේගය අඩාල කරන්න දෘෂ්‍ය මායාවන් යොදාගන්න ඔවුන් පියවර ගෙන තිබෙනවා. උතුරු ෆිට්ස්රෝයි ප්‍රදේශයේ බෙස්ට් වීදිය හරහා යාර නගර සභාව විසින් පදික මාරුව ත්‍රිමාන ලෙස වර්ණ කර ඇති අතර ඈතින් එන රියදුරෙකුට එය පෙනෙන්නේ මාර්ගය මැද අඟල් කිහිපයක් උසට සිමෙන්තියෙන් ඉදිකරන ලද හරස් අතට පාවෙන සුදු කණු ලෙසයි.
මෙම ක්‍රියාමාර්ගය ගන්නට පියවර ගෙන තිබෙන්නේ සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගෙන බව යාර නගර සභාව පවසා තිබෙනවා.
මේ වෙනකොට මේ පියවර ආදර්ශයට ගෙන නවසීලන්තය,අයිස්ලන්තය සහ චීනය මේ ආකරයේ දෘශ්‍ය මායා පදික මාරු ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.
