Gossip

අකිල සහ චන්දිමාල් නැවත සංචිතයට..

හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව තරඟ කරන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සංචිතයට ඇතුළත්ත කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් මෑතකදී බිහිවූ විශිෂ්ට පිතිකරුවකු වන චන්දිමාල්ට ශ්‍රී ලංකා පිලේ අවසන් ටෙස්ට් තරගාවලියේදී සංචිතයේ ස්ථානය අහිමිවූණා. ඒ වගේම එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සංචිතයේ ද ස්ථානය අහිමි වුණා. දකුණත් පිතිකරු 29 හැවිරිදි චන්දිමාල් ටෙස්ට් තරග 53 කදී ලකුණු 3768 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍යය 41.86ක් වන බවට වර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේදී පසුගිය වසර අග දී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තහනමක් පැනවීම හේතුවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවුණා.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 22 කින් යුත් සංචිතයක් නම් කර ඇති අතර ගාල්ලේදී ලබන 14 වැනිදා ආරම්භ වන පළමු තරගය සඳහා ඉදිරියේදී 15 දෙනකු නම් කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!