‘‘අක්කේ ඉක්මනට එන්න’’ කියලා මම ඉක්මන්ට නිවසින් එළියට දිව්වා. මම යන ගමන් ආපසු හැරිලා බලනකොට අක්කා බිම වැටෙනවා දැක්කා.
නාය ගියාට පස්සේ ගේ පෙනුනෙත් නෑ යැයි නිවසක් මතට පස් කන්දක් කඩා වැටී එයට යටවීමෙන් මිය ගිය තිදරු මවකගේ හදිසි මරණ පරීක්යේදී සාක්ෂි දෙමින් ඇයගේ ඥාති සහෝදරයකු වන නිශාන්ත ගුණසේකර නමැත්තා කීවේය.
මෙසේ මියගොස් ඇත්තේ නාවල, කොකාවල, ව`දුරඹ පදිංචි මාබොටුවන විතානගේ ලසන්ති රසිකා නමැති තැනැත්තියකි. හදිසි මරණ පරීක්ෂණය අක්මීමන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් ඊයේ කරාපිටිය ශික්ෂණ රොහලේ දී පවත්වනු ලැබීය. එහිදී සාක්ෂිකරු තව දුරටත් සාක්ෂි දෙමින් මෙසේද කීවේය.
ඉස්සෙල්ලම නාය ගිය අනෙක් ගෙදර අක්කා අරගත්තා. එයාගේ කකුල් දෙක විතරයි යට වෙලා තිබුණේ. එයාට සිහිය තිබුණා.
මමත් එයත් එක්ක කතා කළා. ඊට පසු මිය ගිය අක්කා පස්වලට යටවී සිටයදී සොයා ගත්තා.
මියගොස් සිටින්නේ මාගේ ඥාති සහෝදරියයි. මා පදිංචි වී සිටින්නේ මියගිය තැනැත්තිය පදිංචිව සිටි නිවස ළ`ගමයි. 2017 වර්ෂයේ මේ පස් කන්දෙන් කොටසක් නාය ගියා. ඒ වෙලාවේ ආපදා කළමනාකරණ එකෙන් ඇවිත් කීවා මේ කන්ද නාය යෑමට ලක්ව ඇති නිසා වෙනත් ස්ථානයකට යන්න කියලා. ඒ වුණාට එයාලාට තිබුණ ආර්ථික අපහසුතා හා වෙනත් ගෙයක් නොතිබුණු නිසා මෙතැනින් ගියේ නැහැ. පසුගිය 5 වැනිදා වෙනත් ගෙයකට යන්න අඩිතාලම් දමා තිබුණා. ඊයේ උදේ 8.15 ට විතර මියගිය අක්කාගේ පුතාට බඬේ අමාරුවක් හැදිලා මම බෙහෙත් ගන්න එක්ක ගෙන ගියා.
එයාගේ තාත්තා ගෙදර හිටිය නැති නිසා බෙහෙත් අරගෙන එනකොට 11.50 විතර වුණා.
මියගිය අක්කා දවල් 11.44 ට මට කෝල් කරලා ‘‘පරක්කු වෙන්නෙ ඇයි’’ කියලා ඇසුවා.
බෙහෙත් ගේන්න ගිය පුතා ගෙදරට ඇරලවලා බයිසිකලය මගේ ගෙදරට ගිහින් දාලා මම ආයිත් පයින් මියගිය අක්කගේ ගෙදරට ආවා. මම එනකොට මියගිය අක්කත් ළමයි තුන්දෙනත් ගෙදර හිටියා. ඒ වෙලාවේ හොඳටම වහිනවා.
මම දැක්කා කන්දෙන් කලින් ආපු වතුර පාරවල්වලට අමතරව තව ලොකු වතුර පාරක් පහළට එනවා. එයාලත් ඒක දැක්කා. ඒ වතුරත් එක්ක පසුත් ආවා. මියගිය අක්කට එවෙලේම මම කිව්වා දැන් නම් මෙතන ඉන්න එක එච්චර සුදුසු නැහැ කියලා. ළමයින්ට කිව්වා.
අවශ්‍යම දේවල් ටික අරගෙන එහා ගෙදරට යන්න කියලා. ලොකු දුව එයාගේ බඩු ටික අරගෙන එහා ගෙදරට ගියා. එහා ගෙදර(බේකරියේ ගෙදර බාප්ප ඇවිල්ලා පුතාලා දෙන්නා එයාලගේ ගෙදරට අරගෙන ගියා.
දුව ආයෙම ගෙදර පැත්තට ආවා. මමත් ගේ ඇතුළේ හිටියේ. ඒ සමග පස් අවිල්ල කුස්සියේ ලෑලිවළට හේත්තු වුණා. බේකරියේ ගෙදර කට්ටිය කෑ ගැහුවා ඉක්මනින් ගෙදරින් එළියට එන්න කියලා. ඒ ගොල්ලා දැකලා තියෙනවා ගෙදරට පස් එනවා. ලොකු දුව බේකරියේ ගෙදරට දිව්වා. මමත් ‘‘අක්කා ඉක්මනට එන්න’’ කියලා ඉක්මන්ට එළියට දිව්වා. මම යන ගමන් ආපසු හැරිලා බලනකොට දැක්කා අක්කා බිම වැටෙනවා. වැටෙනවත් එක්කම ලොකු පුතා ගෙදර පැත්තට එන්න ආවා. බේකරියේ ගෙදර කට්ටිය එයාව නතර කර ගත්තා.
ඒවෙලේම පසුත් එක්කම පස් ඇවිත් ගේ තල්ලූ කර ගෙන ගියා. බලන් හිටපු අය කිවුවා තව පොඞ්ඬේ ඔයත් යට වෙනව කියලා. නාය ගියාට පස්සෙ ගේ පෙනුනෙත් නැහැ.
මම පුතාලා දෙන්නත් දුවත් රැගෙන පාරට ගිහින් එයාලා දෙන්නගේ නෑ ගෙදරකට යැවුවා. මම කෑගහගෙන අපේ ගෙදරට දිව්වා. සද්දෙට සෙන`ග පිරුණා. ඒ වෙනකොට පාරවල් ඔක්කොම යටවෙලා. මිනිස්සුත් එක්ක එක්වෙලා සුන්බුන් අයින් කරන්න කටයුතු කළත් එය අසීරු කාර්යයක් වුණා.
බැකෝ යන්ත‍්‍ර තුනක්ම අරගෙන ආවා. එයින් 2ක්ම ඉස්සරහා කුඹුරේ එරුණා. අනෙත් එක අමාරුවෙන් නාය ගිය ගේ අසලට ළ`ගා වුණා. අක්කා සොයා ගන්න කොට සීරීම් තිබ්බා. මූණ තැලිලා තිබුණා. හිටියේ මුණින් අතට. 1990 ට කතා කළත් එන්න බැරි වුණා. පස්සෙ කැබ් එකක දාලා අරගෙන ගියා.
මිය ගිය අයගේ සැමියා වන තෙලිකඩ පල්ලියගුරුගේ නලින් වසන්ත (45* නමැත්තා ද සාක්ෂි දුන්නේය. පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ.කිරිඇල්ල මහතා විසින් සිදුකරනු ලැබීය.
සාක්ෂි මෙහෙයවීම ව`දුරඹ පොලිසියේ පො.සැ (8064 ප‍්‍රියන්ත මහතා විසින් සිදු කරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැල්කිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා පස්වලට යටවීමෙන් හුස්ම හිරවීම හේතුවෙන් මෙම මරණය වී ඇති බව තීන්දු කළේය.
උපුටා ගැනීම – දිවයින පුවත්පත
