Gossip

“මන්ත්‍රීවරුනි, ඉස්ලාම් වහබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙවූ රිෂාඩ් බදුර්දීන් අන්තවාදයට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය නොදී ගමට එන්න එපා” – මිනිස්සු වෙනස් වෙමින් සිටී – Photos

අඳුරු මතකයක් රටට ඉතිරි කරමින් පසුගිය පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාටද ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවුණා.
රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා අන්තවාදය වපුරන බවටයි බොහෝ දෙනෙක් චෝදනා එල්ල කළේ.
තවද විල්පත්තුව වන විනාශයටද කලක සිට ඔහුට දැඩි විරෝධයක් සහ මහජන අප්‍රසාදයක් එල්ලවී තිබෙනවා.
රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක්ද ඉදිරිපත් කර තිබෙනවා.
මෙම යෝජනාවට පක්ෂව ඡන්දය නොදී මැති ඇමතිවරුන්ට ගමට ඒමට නොදෙන බව පවසමින් බොහෝ ස්ථානවල බැනර් ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබුණා.
එහි සඳහන්ව තිබුණේ ” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, ඉස්ලාම් වහබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙවූ රිෂාඩ් බදුර්දීන් අන්තවාදයට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය නොදී ගමට එන්න එපා” යනුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!