Gossip

පාස්කු ප්‍රහාරයෙන් බිරිඳ සහ දරුවන් තිදෙනෙකු අහිමි වූ පියෙකු සොහොන් කොතේ තැබූ සංවේදී සටහන – වීඩියෝ

පාස්කු ඉරිදා ප්‍රහාරය අපට ඉතිරි කළේ අමිහිරි සංවේදී මතකයන් පමණි.
කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයේදී තම බිරිඳ සහ දරුවන් සියළු දෙනාම අහිමිවුනු පියෙකු සොහොන් කොතේ තැබූ සංවේදී සටහනක් ගැනයි මේ කියන්න යන්නේ.
මීගමුව රාජපක්ෂ උද්‍යානයේ මුරකරුවෙකු ලෙස සේවය කරන ප්‍රදීප් සුසන්ත සිය බිරිඳ සහ දරුවන් වෙනුවෙන් මෙලස සටහනක් තබා තිබුණා.

‘‘චූටි පුතේ, චූටි දුවේ, ලොකු දූ, ඔයාලා තනි නෑ. ඔයාලගෙ අම්මා ඔයාලා ලඟ ඉන්නවා.

නෝනා, ඔයා තනා නෑ ඔයාගෙ අයියා, අයියගෙ ළමයි දෙන්නා ඔයා ළඟ ඉන්නවා.

මම අද හොඳටම තනිවෙලා. මට මැරෙන එක සැපයි මැරි මැරී ජීවත් වෙනවට වඩා. මට ඔයාලගෙන් තොර ලෝකයක් නෑ. මාවත් ඉක්මනට ඔයාලගෙ ලඟට ගන්න ඔයාලව බලා ගන්න.

නෝනා, මෙයට ඔයාගෙම සුසන්ත

ලොකු දූ, පොඩි දූ, චූටි පුතා මේ ඔයාලගෙම තාත්තා සුසන්ත”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!