Gossip

“මේ පින අයිති වෙන්න ඕනේ මගේ අම්මාටයි තාත්තාටයි” – 2014 අවුරුද්දේ ඉඳන් සෑම වෙසක් පොහොයකම වෙසක් කූඩු දන්සලක් දෙන තලාකොළවැව තරුණයා – Photos

ලස්සන වෙසක් කූඩු හදලා ඒ වෙසක් කූඩු ප්‍රදේශයේ නිවැසියන්ට ලබාදෙන තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණා.
ඔහු තමයි චනුක ප්‍රසාද්. චනුක පදිංචි වෙලා ඉන්නේ තඹුත්තේගම තලාකොළවැව ගමේ.
වයස අවුරුදු 19 ක් වුණු චනුක ඔහුගේ මේ වෙසක් කූඩු දන්සැල ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“2014 අවුරුද්දෙ ඉදලා මම මේ වෙසක් කූඩු දන්සල පවත්වනවා.. මමයි මගේ පවුලේ හැමෝමයි එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. අපි සියලූ දෙනා ලොකු සතුටක් ලබනවා. වෙසක් පෝය දවසේ උදේ වරුවෙ මම මේ වෙසක් කූඩු දන්සල පවත්වලා මම තනියම රෑට ගම වටේ යනවා මම හදපු කූඩු ටික බලන්න.
එතකොට මම හදපු වෙසක් කූඩු දැක්කම මට කියාගන්න බැරි සතුටක් හිතට දැනෙනවා.
මේ වැඩේට මගෙ අම්මයි තාත්තයි මට ලොකු උනන්දුවක් ඇති කරනවා.
මම කරන මේ ආලෝක පූජාවෙන් පින ලැබෙන්න ඕනේ ඒ දෙන්නට”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!