Gossip

සහරාන්ගේ සඟයෙකු නිදහස් කිරීමට ලැබුණු ලක්ෂ 5 ට පයින් ගැසූ හොරොව්පතාන OICගේ ජීවිතයේ සංවේදී කතාව – වීඩියෝ- වීඩියෝ

හොරොව්පතාන ස්ථානාධිපතිවරයා ගැන පසුගිය දවස්වල රටම කතා වුණා.
ඒ පසුගිය අටවැනිදා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව මහතාට අල්ලස් දීමට තැත් කළ අයෙකු අල්ලස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය නිසා.

පසුගිය 28 වැනිදා ප්‍රහාරය සිදුකළ සහරාන් නමැති අන්තවාදී ත්‍රස්තවාදියාගේ සගයකු බවට තහවුරු වූ අබ්දුල් මජිඩ් මොහොමඩ් නියාස් නමැත්තා හොරොව්පොතාන, මුක්කරවැව පදිංචි මවුලවිවරයෙකි.

ඔහු පාසල් ගුරුවරයකුද ලෙසද සේවය කළ අයෙක්.
හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි.

උසාවි නියෝගයක් මත දින තුනක් හොරොව්පොතාන පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු නැවතත් පසුගිය පළමු වැනිදා කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ අතරේ පසුගිය 30 වැනිදා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට පැමිණියේ අත්අඩංගුවේ පසුවූ මවුලවිවරයාගේ සහෝදරියගේ පුත්‍රයා වන 26 හැවිරිදි අබ්දුල් ගපුර් මොහොමඩ් ‍සිෆාන් නමැත්තාය.
උපාධිධරයකු වන ඔහු මවුලවිවරයා‍ට පිටරටවලින් ලැබෙන මුදල් යොදා අල්පලා නමැති සංවිධානයෙන් සිදුකරන ව්‍යාපෘතිවල මුදල් පරිපාලනය කළ පුද්ගලයායි.
“සර්… නියාස් මාමා නිදහස් කරලා දෙන්න… මම සර් කියන දෙයක් කරන්නම්… උසාවියේදී ඇප දෙනවට විරුද්ධ වෙන්න එපා සර්… කාටවත් කියන්න එපා සර්… මං රුපියල් ලක්ෂ පහක් දෙන්නම්… වැඩේ කරලා දෙන්න..” සිෆාන් ස්ථානාධිපතිවරයා හමුවේ වැඳ වැටුණේය.
මෙම මුදලට පයින් ගැසූ ස්ථානාධිපතිවරයා මේ ගැන අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර ඔහුව කොටුකර ගත්තේය.
මේ සිද්ධිය රටේම ලොකු කතාබහක් ඇතිකළා.
අපි මේ කියන්න යන්නේ රටට වටින මේ නිලධාරියා පසුගිය කාලයේ ජීවිතයේ මුහුණදුන් අමිහිරි කතාවක් ගැනයි.
ඒ තමයි 2016 වසරේ මැයි 26 වැනිදා දියණියගේ ස්වාමියා අතින් පිහි පහරකට ලක්ව බිරියත් දියණියත් දෙදෙනාම ඔහුට අහිමි වීම..
ස්ථානාධිපතිවරයා මේ වන විට මියගිය දිය‍ණියගේ කුඩා දරුවා හා දෙවැනි දියණියත් සමඟ දිවි ගෙවන්නේය.

කෙනෙකුට දරා ගැනීමට නොහැකි මෙවැනි සිදුවීමක් සිදුව තිබියදීත් හිතත් ගතත් ශක්තිමත් කරගෙන ඔහු රටට කරන මේ සේවය අගය කළ යුතුය.
රොෂාන් සංගීව වැනි රාජ්‍ය නිලධාරින් පොලිස් සේවයට පමණක් නොව සමස්ත සමාජයටම වැඩි වැඩියෙන් අවැසි යුගයකි මේ.
එහෙයින් රොෂාන් සංජීව වැනි පොලිස් නිලධාරින් අගය කිරීම සැමගේ යුතුකමක් වුවද මෙවැනි පුද්ගලයන්ට නිසි ඇගයීමක් ලැබෙනවාද යන්න ප්‍රශ්නයකි.

වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!