Gossip

“කිසි දෙයක් නොකියා ගණන් වැඩි සපත්තු දෙකක් මට අරන් දුන්නා. එයා ඒක දැකලා මට අකමැත්ත ප්‍රකාශ කළා”

බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන නිළියන්ගෙන් එක් අයකු වන සෝනම් කපුර් එහෙමත් නැත්නම් අනිල් කපූර්ගේ වැඩිමහල් දියණිය සෝනම් කපූර් පසුගිය 08 වැනි දා ඇගේ විවාහයේ පළමු සංවත්සරය සමරනු ලැබුවා.
ඒ ලන්ඩනයේදී. සෝනම් දෙමාපිය ආශිර්වාද මැද 2018 වසරේ මැයි 08 වැනිදා බැන්ද්‍රා ප්‍රදේශයේදී ඉන්දීය පදනමක් ඇති ව්‍යාපාරිකයකු වූ ආනන්ද් අහුජා සමඟ විවාහ වූවා.
විවාහයෙන් පසු ආනන්ද්ගේ ව්‍යාපාර කටයුතු නිසා මොවුන් දෙදෙනා ලන්ඩනයේ පදිංචිවිමට තිරණය කළා.
කොහොම වුණත් වරින් වර මේ දෙන්නා සමාජ ජාලවලට එකතු කළ පින්තූර සහ විස්තරවලින් බොහොම සතුටින් විවාහ ජීවිතය ගෙවන බවට ඇයට ආදරය කරන පිරිස් වෙත ඉඟි ලැබුණා.
පසුගිය දා ෆිල්ම් ෆෙයාර් සඟරාව සමඟ සම්මුඛ සකච්ඡාවකට එකතුවෙමින් ආනන්ද් කියා සිටියේ වෘත්තීමය කටයුතු නිසා ඔවුන් දෙපැත්තකට වී රටවල් දෙකක යම් යම් කාලවලදී ජීවත් වුවත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් අදහස් හුවමාරු කර ගනිමින් ළඟ නැති අඩුව යම් දුරකට හෝ පිරිමසා ගන්නා බවයි.
සමහර අවස්ථාවලදී රටවල් දෙකේ වෙලාව වෙනස්වී තිබුණත් එකට කෑම ගැනීම, මුහුණ බලා ගෙන කතා කරමින් සතුටින් කාලය ගෙවා දැමීම ඔවුන්ට අලූත් දෙයක් වී නොමැති බවයි.
එම නිසා සති දෙකක පමණ කාලයක් වුවත් එකිනෙකා නොදැක ජීවත්වීම ඒ තරම් අපහසුවක් වී නොමැති බවත් ආනන්ද් පවසා තිබේ.

“මේකත් හරිම විනෝදයක්. මගේ සැළසුම් බොහෝ වෙලාවට සෝනම් නිසා මඟ ඇරෙනවා.
පහුගිය අවුරුද්දේ විවාහයත් එක්කම සෝනම්ට කැනන් සම්මාන උළෙලට සහභාගී වෙන්න යන්න තිබුණා.
ඒ නිසා අපට හනිමුන් යන්නවත් කාලයක් තිබුණේ නැහැ. අපි කෙටි නිවාඩුවකට ජපානයට විතරක් ගියා.
ඒ නිසාම ජපානයේ හොඳ නිවාඩුවක් මේ වසරේදීවත් ගත කරන්න අපි කළින් ඉඳලම කල්පනා කළා.
අපි සැළසුම් කළේ සෝනම්ගේ 34 වැනි උපන්දිනය ජපානයේ සමරන්න. නමුත් ඇයට ,සොයා ෆැක්ටර්, චිත්‍රපටයේ වැඩ ලැබුණු නිසා අපේ සැළසුම වෙනස් කරන්න අපට සිද්ධ වුණා.
අපට දැන් ජපානයට යන්න වෙන්නේ ජුනි වලින් පස්සේ. අපි දෙන්නා තුළ තිබෙන අවබෝධය නිසා අපි අපේ වැඩවලට මුල් තැනක් දෙනවා.
අපි දෙන්නා එකට ගොඩක් සංචාරය කරලා තියෙනවා. එකට කාලය ගත කරලා තියෙනවා.
ඒකයි අපි මේ පළමු විවාහ සංවත්සරය ලන්ඩනයේදී ගත කරන්න තිරණය කළේ. ලන්ඩනය කියන්නේ ඇයට කෙටි නිවාඩුවක් වේවි. පැහැදිවම අපි මේ අවුරුද්ද අවසන් වෙන්න කළින් ජපානයට යනවා., “

ඒ තමයි ආනන්ද තුළ තිබෙන අවබෝධාත්මක පැහැදිලි කිරීම.

එමෙන්ම ආනන්ද් සහ සෝනම්ගේ පළමු හමුව ගැන සිහිපත් කරමින් සෝනම් පවසා ඇත්තේ එය බොහොම අපූර්ව අවස්ථාවක් වූ බවයි.

“මම මුල්වතාවට ආනන්ද් හමු වූ දවසේ මම පැළදගෙන හිටියේ කැන්වස් සපත්තු දෙකක්.
ඔහු කියන විඳිහට හරිම පරණ විලාසිතාවක් සහ පරණ තාලේ සපත්තු දෙකක්. ආනන්ද් මගේ කකුල් දෙක දිහා ටිකක් බලාගෙන ඉඳලා අහනවා ඔයා ඔය මොන වගේ සපත්තු දෙකක් ද දාලා ඇවිත් ඉන්නේ කියලා.
ඒ ගමන්ම ඔහු මගෙන් ඉල්ලීමක් කළා තවත් ඔය වගේ කැන්වස් සපත්තු දාන්න එපා කියලා. ආනන්ද් එවෙලෙම අලූත්ම විලාසිතාවේ, ගණන් වැඩි සපත්තු දෙකක් මම වෙනුවෙන් ඇනවුම් කළා.
ඒ විතරක් නෙවෙයි ඒ සපත්තු දෙකක ගෙනල්ලා දාලා හැඩත් බැලූවා.
මට හිතා ගන්නවත් බැරි වුණා. මේ තරම් හොඳ කෙනෙක් මම මඟ හැර ගන්න හොඳ නැති බව මම ඒ දෙයින්ම තේරුම් ගත්තා.
අපි ආදරය කරන්න පටන් ගත්තා. අද මම බොහොම සතුටින් ඉන්නවා. ආනන්ද් මගේ ගමනට ලොකු ශක්තයක් දෙනවා.
ඒ නිසා මම හරිම වාසනාවන්තයි., ෆිල්ම් ෆෙයාර් සහ ජාතික සම්මාන ලාභී සෝනම් තමන්ගේ ආදරය ගැන කියන්නේ එහෙමයි.
කොහොම වුණත් මීට සති කිහිපයකට කළින් සෝනම් ගැබිනික් බවටත් සමාජ ජාල වාර්තා කළා. එහි සත්‍ය අසත්‍යතාව තවමත් හෙළි වී නැහැ.
ඒ කට කතාවට වඩාත් මුල් වි ඇත්තේ ඇය විලාසිතාවන් මාරු කිරීමයි.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!