Gossip

“දුක හිතුනම අඬනවා, නැත්නම් මඟහැරලා ඉන්නවා.එයා රත්නපුරේ කෙනෙක්ව බඳින්න යනවා කියලා ආරංචි වුණා.” – සහන් රන්වලගේ බිරිඳ හෙළි කළ කතාව

අපේකම ලෝකයට රැගෙන ගිය දක්ෂ කලාකරුවෙක් තමයි සහන් රන්වල කියන්නේ.
සිය රංගන හැකියාවෙන් රසික හදවත් දිනාගත්තු සහන් රන්වල ගැන ඔහුගේ ආදරණීය බිරිඳ සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඉස්කෝලේ යන කාලේ තමයි අපි මුණගැහුණේ මුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?
බොහොම ක්‍රියාශීලී, කඩිසර ඒ වගේම ප්‍රියමනාප කෙනෙක්.

පෙම්වතා කාලේ ඔහු?
ගොඩාක් කතා කරන, ගොඩාක් විහිළු කරන, සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්.

සැමියෙක් විදියට ඔහු?
අපි ගැන හොයලා බලනවා. දරුවා ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

ජනප්‍රියත්වය එක්ක ඔහු?
බොහොම සැහැල්ලු චරිතයක්. නමුත් ඕනෑදේකට ඉදිරිපත් වෙන කෙනෙක්. ජනප්‍රියත්වය එක්ක මම ඔහුගේ වෙනසක් එහෙම දකින්නේ නැහැ. නමුත් ඉස්සර තරම්ම පාරතොටේ නිදහසේ හැසිරෙන්නේ නැහැ. ඒ හැරෙන්න වෙන නම් වෙනසක් නැහැ.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාපු විදිය?
මට ඒකෙන් විශේෂ බලපෑමක් නැහැ. කොහෙටහරි ගියත් ඉතින් හැමෝම හරිම සුහදශීලී විදියට ගනුදෙනු කරනවා.

විවිධ භූමිකාවල හිරවුණු ඔහුට පවුල සහ ඔබව මඟහැරෙනවාද?
ගෙදර වැඩකටයුතු නම් මඟහරිනවා. ඒත් ඉතින් එයාගේ වැඩ කරන්නේ ගෙදර ඉඳන්ම නිසා එහෙම විශේෂ මඟහැරීමකුත් වෙන්නේ නැහැ.

සාමාන්‍ය ජීවිතයේදී කොහොමද?
හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න කෙනෙක්.

ඔහු ජීවිතය ගැන හිතන විදිය?
එයා හිතන්නේ දැන් අපි ජීවත් වෙන ටික සතුටින් ඉන්න ඕනෑ කියලා.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?
ඔව්. සතුටු වෙනවා.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල්?
ඔහු ඉගෙන ගත්තේ නීතිඥයෙක් වෙන්න. නමුත් අද ඉන්නේ වෙන තැනක. එයා විවිධ ක්ෂේත්‍ර ගැන ඉගෙන ගත්තා. නමුත් තාත්තගේ වැඩ කටයුතු පැත්තට තමයි යොමු වුණේ.

දුක හිතුණම ඔහුගේ හැසිරීම?
අඬන අවස්ථාත් තියෙනවා. නැත්නම් මඟහැරලා ඉන්නවා.

සතුටු හිතුණම?
හරිම සද්දෙන් කෑ ගහගෙන ඉන්නවා. කියවනවා වැඩියි.

තරහ ගියාම ඔහු?
ඉතාම අඩුයි තරහ යනවා. වෙනදට වඩා බොහොම පැහැදිලිව කතා කරනවා. එතකොට තේරෙනවා තරහා ගිහින් තමයි කියලා.

ඔහු වැඩිපුරම ආදරේ කාටද?
පුතාට

ඔහුට නැතිවම බැරි අය කවුද?
ඒත් පුතාම තමයි.

වැඩිපුරම යන්න කැමැති තැන්?
ඇවිදින්න හරිම කැමැතියි. මං හිතන්නේ නුවරඑළිය පැත්තට තමයි යන්න කැමැති.

මොන වගේ විලාසිතාවලටද කැමැති?
විලාසිතා ගැන කිසිම දෙයක් දන්නේ නෑ. උනන්දුවකුත් නැහැ. කලිසමෙන් සරමට මාරුවුණා. දෙන දෙයක් අඳිනවා.

ඔහු ගැන අහන්න ලැබුණ සතුටුම ආරංචිය?
එයා ගොඩක් විභාග සමත් වෙලා තියෙනවා. ඒත් විශ්වවිද්‍යාල උපාධිය ලැබුණම තමයි මම ගොඩක් සතුටු වුණේ.

ඔහු ගැන අහන්න ලැබුණ නරකම ආරංචිය?
මාත් එක්ක යාළුවෙලා ඉන්න කාලේ එයා රත්නපුරේ කෙනෙක්ව බඳින්න යනවා කියලා ආරංචි වුණා. පස්සේ ඒක බොරුවක් බව දැනගත්තා.

ඔහු වැඩිපුරම සතුටු වුණ දවස?
පුතාව මුලින්ම දැක්ක දවස. ඒ වගේම චීනයෙදි ලෝකයේ හොඳම ජන ගී කණ්ඩායමට හිමි සම්මානය අපිට දිනාගන්න ලැබුණා. එදා මම එතැන හිටියේ නැහැ.සහන් කොඩිය අරන් එහෙ මෙහෙ ගියාලු.

ජීවිතයේ ජය ගත්ත දේවල්?
විභාග ටික සමත් වුණා. ලෝකයේ හොඳම ජන ගී කණ්ඩායමට තේරුණා.

ඔහුගේ විනෝදාංශ?
ඇවිදින්න කැමැතියි. දන්නේ නැති පාරවල්වල යන්න කැමැතියි. පුතත් ඒකටම හරියන්න ඉන්නවා. කොහේ හරි දන්නේ නැති පාරක් පෙන්නලා “අපි මේකේ යමුද” කියලා යනවා.

ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?
තෑගි නම් දීලා නැහැ. අපි යාළු වෙලා ඉන්න කාලේ එයාගේ රේඩියෝ චැනල් එක අහන්න කියලා පොඩි රේඩියෝ එකක් දුන්නා.

අපි ඔහු ගැන නොදන්න රහස්?
එයාට ලේ බලන්න බැහැ. කලන්තේ හැදෙනවා. සතකුට මොනවා හරි වෙලා ඉන්නවා නම් ඒක බලන්නත් බැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!