Gossip

මගේ හොඳ නංගිනේ කිව්වම ඔයා හැමදාම කිව්වේ “අනේ අයියේ මට ගොඩක් ආදරය කරන්න එපා” කියන වචන ටිකයි..

දිනය 2011.07.24

හරියටම වෙලා⁣ව පාන්දර 4.30 යි.. වෙනදට වැඩිය ගොඩක් හීතලයි..පොඩි වැහි පොදයකුත් යාන්තමට වගේ වැටීගෙන ආවා. හැමදාම වගේ එලාම් සද්දෙට පුරුදු වෙලා හිටපු මම එදත් ඉක්මනටම ඇහැරිලා අම්ම හදල දුන්න තේ එකත් බීලා ඉක්මනටම ලේස්තිවුනේ අලුත් ජොබ් එකට යන්න.. අතේ සතේ නෑ.. අම්මා අරන් තියල තියපු රුපියල් දාහක් ගෙනත් මගේ අතින් තිබ්බා. ඒකත් අරගෙන මම අම්මට වැදලා තංගල්ලෙන් කොළඹ යන බස් එක එනකම් පාරට වෙලා බලන් හිටියා.

ඈතින් එන බස් එක දැක්කම හිතට පට්ටම සතුටුයි..ඒත් මට කොළඹ පුරුදුත් නෑ. මට එහේ ගිහින් ඉන්න පුලුවන් වේවිද?. දන්න කියන යාලුවෙක් වත් නෑ. ඉන්න කියලා හරි හමන් තැනකුත් නෑ. හිතට නොයෙකුත් පිළිතුරු නැති ප්‍රශ්න වැලක් ගලාගෙන එන්නට විය.

අවුලක් නෑ. හැමදේටම පුරුදු වෙන්න ඕන නිසා ප්‍රශ්න අමතක කරලා හිත නිදහස් කරගත්තා.පාන්දර 8 විතර වෙනකොට බස් එක කොටුවට ළංවුනා.. මට දීලා තියෙන ඇඩ්‍රස් එක හොයාගෙන මම එතනට ගියා. මගෙන් එක එක ජාතියේ ප්‍රශ්න ටිකක් ඇහුවා.. සුදු ටිකක් මහත මහත්⁣තයෙක් කිවුවා කෝල් එකක් දෙන්නම් කියලා..මම ජොබ් එක කරන්න හිතාගෙන ආවත් මට ජොබ් එක ලැබුනේ නෑ.. අතේ තියෙන්නේ රුපියල් 300 යි. මට එකත් අරන් ගෙදර යන්නත් බෑ. ඉතින් එදා මුලු රැයම මම කොටුවේ ඇවිදපු එක තමයි කලේ.. එක එක තාලෙට ඇදගත්ත කෙල්ලෝ කොටුවේ හැම තැනම. සමහර කෙල්ලෝ නම් කොල්ලන් අල්ලගෙන කාමර ගානේ ගෙනියන සෙල්ලමට සුදානම් වෙලා ඉන්න වග මට ඉවෙන් වගේ තේරුණා.

හිස් වෙලා තිබුණු යකඩ පුටු පේළියක කෙලවරට වෙලා හැම පැත්තකටම දුවන හිත එක තැනක නතර කරගන්න උත්සහ කරත් ඒක පට්ට අමාරු වැඩක් වුණා.

දවසෙම බඩ පිරෙන්න කෑමකුත් නෑ. පට්ටම මහන්සියි. ටිකක් වෙලා යකඩ පුටුවට වෙලා කාලය ගත කරපු මට යාන්තමින් නිදිමතක් එනවාත් සමග තලෙලු පාට සිරුරක් හිමි වයස විසිතුනක් වගේ පෙනුම තියෙන කෙල්ලෙක් මම හිටපු යකඩ පුටුවෙන්ම ඇවිත් වාඩිවුණා. කොල්ලෙක්⁣ට ඉතින් කෙල්ලෙක් දැක්කම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මාත් දෙතුන් පාරක් හැරිලා බැලුවා. කම්මැලිකම යන්නත් එක්ක පොඩි චැට් එකක් දාන්න මට හිතුණා ඒත් මොනවා ගැනද කතා කරන්නේ.. වෙලාව රාත්‍රී නවය විතර වෙලා. ඒකම හේතුවක් කරගෙන මම ඇහුවා නංගි මේ රෑ වෙලා කොහේද යන්නේ කියලා. “මම බණ්ඩාරවෙල යනවා” කිසිම ආඩම්බර කමක් නැතිව මද හිනාවකින් ඇය පිළිතුරු දුන්නා..

“නංගි කොළඹ ජොබ් එකක් කරනවද?”

“ඔව් අයියේ”

දැන්නම් කතා කරන්න මාතෘකා ගොඩයි.. බණ්ඩාරවෙල යන බස් එක එනකොට පාන්දර පහ විතර වෙන නිසා අපි ගොඩක් දේවල් කතා කලා. හිතපු නැති තරමට ගොඩක් හිතවත් වුනා.. මට හිතුනා තව දුරටත් හැදුරුම්කමක් ගොඩනගා ගන්න ඕන කියලා. ඉතින් මම මගේ ෆෝන් නම්බර් එකත් ඒ නංගිට දීලා කිවුවා අවුලක් නැත්නම් කතා කරන්න කියලා

සතියක් විතර ගතවුනා මටත් සිකුරිටි ජොබ් කට්ටක් හම්බුණා. ඒකත් කරගෙන ඉන්නකොට එක දවසක් අදුරන්නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා.

“හෙලෝ ,කවුද මේ..”
“අදුරන්න බැරිද..?”
“ම්හු..අදුරන්න නම් ටිකක් අමාරුයි”
“මම අර බණ්ඩාරවෙල නංගි”

ඒ වචන කීපය ඇසෙනකොටත් මට පට්ට සතුටක් ඇති වුණා. ඇයි ඉතින් කවුද හිතුවේ කතා කරයි කියලා..

ඔහොම ටික දවසක් අපි දිගටම කතා කළා. හිතුවෙ වත් නැති විදියට අපි දෙන්නම පුදුම තරමට ළං වුණා. සාමාන්‍ය විදියටම අපි දෙන්නගේ යාලුකමත් ආදරයකට පෙරලෙන්න පටන් ගත්තත්.. ඒ නංගිගේ හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතුනා. කොහොම උණත් ඒ නංගි මටත් පට්ට විදියට ආදරේ කළා. අපි දෙන්නා ඉක්මණින්ම මුණ ගැහෙන්න හිටියේ. පළවෙනි පඩියෙන්ම මම එයාට දෙන්න ප්‍රසන්ට් එකකුත් ගත්තා.මම කතා කරලා මගේ හොද නංගිනේ ඔයා කියන හැම දවසකම ඇගේ මුවින් පිටවුණේ “අනේ අයියේ මට ගොඩක් ආදරය කරන්න එපා” කියන වචන ටිකයි..

ඔහොම මාස පහක් විතර යනකොට මගේ ඇමතුම් වලට පිළිතුරු නැතිව ගියා. ඒ නම්බර් එකත් වැඩ නෑ. මට පට්ට අවුල්. සතියක් වත් යන්න කලින් මම දවස් තුනක විතර නිවාඩුවක් දාලා ගියා බණ්ඩාරවෙල. මුලින් කතා කරද්දි ගෙවල් වල විස්තර එහෙම අහගෙන තිබුණ නිසා මට හොයාගන්න එච්චර අමාරුවක් තිබ්බේ නෑ.

මම ත්‍රීවිල් එකක් හයර් එකට අරන් ඒ ගෙදරට ගියා. ගෙදර යන පාරේ සුදු කොඩි දාලා.. මට නිකමට හිතුනා ආච්චි කෙනෙක් හරි සීයා කෙනෙක් හරි නැතිවෙලා ඒ වැඩ නිසා මට කොල් කරන්න බැරි වෙන්නැති කියලා..කොහොම උණත් මම ඒ ගෙදරට ගිහින් කතා කලා. ගොඩක් දුක්මුසු මුහණකින් යුතු අම්ම කෙනෙක් ඇවිත් “ඇයි පුතේ.” කියලා මගෙන් ඇහුවා..

මම නංගි ගැන විස්තර කිවුවා. ඒ කියපු ගමන් ඒ අම්මා මහ හයියෙන් අඩන්න ගත්තා. ගේ ඇතුලේ ඉදන් ආපු තව අක්කා කෙනෙක් අම්මව ගේ ඇතුලට එක්කන් ගිහින් මාත් එක්ක කතා කලා.

“ඔයා කවුද මල්ලි”
“අක්කේ මම තාරක කියලා කෙනෙක්.නංගිගේ යාලුවෙක්”

ඇයද දෙනෙතින් වැටුණු කදුලු බිඳු පිසදමමින් මෙසේ කියන්නට විය”අහ් එහෙමද මල්ලි.. ඒ මගේ නංගි තමයි. එයා ජීවිතේ නැති කරගත්තා මල්ලි..”

ඉහළට ගත්ත හුස්ම පොද පහළට දමන්නවත් මට කල්පනාවක් නැතිවිය.. කිසිදු දෙයකදි කවදාවත් හඩපු නැති මම කදුලු පිරුණු දෙනෙතින් යුතුව පැත්තකට ගොස් වේදනාව සමනය කර ගන්න හැදුවත් එසේ කිරීමට නොහැකි විය.

“නංගි මැරෙන්න කලින් ලියුමක් ලියලා තිබුණා..මල්ලිගේ නමට” කියා ඇය ලියුම් කඩදහියක් මගේ අතින් තබන්නට විය.. එහි මෙසේ සදහන් විය..

” තාරක අයියේ….

මම කෙනෙකේට ආදරය කලා. හදවතින්ම. මම පස්සේ දැනගත්තේ එයා බැදලා දරුවෙක් ඉන්න කෙනෙක් ඒත් ඒ වෙනකොට මගේ ජීවිතය විනාශ වෙලා ඉවරයි. මම මේක ඔයාට කියන්න හිටියේ ඒත් මට කියන්න තරම් ශක්තියක් නෑ. ඔයා මට ගොඩක් ආදරය කලා ඔයා ගොඩක් හොද කෙනෙක්. මමත් හැමදාමත් ඔයාට ආදරෙයි.. ඒත් මම කිළිටි එකියක්..ඔයාට මාව ගැලපෙන්නේ නෑ.. මම යනවා අයියේ. බුදු සරණයි..

මීට ඔයාගේ
සුදු නංගි..,

 

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!