Gossip

කණ්ඩායම තෝරන්නෙ ක්‍රිකට් ගහලවත් නැති අය .. හිටපු නායකයා කනස්සල්ලෙන්

වර්ථමාන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරන්නෙ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකට හෝ සහභාගී වී නැති පුද්ගලයන් බව හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා චෝදනා කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් එන්න එන්නම නරක අතට ගමන් කරන බවයි.

ක්‍රිකට් ක්‍රීඩා කර නැති,ක්‍රිකට් ගැන දැනුමක් නැති පුද්ගලයන් පිරිසක් එකතුවී ශ්‍රීලංකා ක්‍රිකට් විනාශ කරමින් සිටින බවත් ඒ මහතා පැවසුවේය.

ශ්‍රීලංකා ක්‍රිකට් ගමන් කරන ආකාරය දිහා බැලූ විට ඉදිරියේ දී ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති,උපසභාපති වුවද පුදුම විය යුතු නැතැයිද රණතුංග මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා 20/20 කණ්ඩායමට නව නායකයෙක් පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසුවේය

” හොඳ තේරීම් කමිටුවක් එන්නෙ නෑ ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක වැඩ කරන්න.මොකද ඒ අය දන්නවා මේ ඉන්න පාලක මණ්ඩලය එක්ක වැඩකරන්න බෑ කියලා.ඉස්සරහට ලංකාවෙ ක්‍රිකට් වලට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.

දැන් ක්‍රිකට් කණ්ඩායම තෝරන්නෙ,ක්‍රිකට් කණ්ඩායමේ නායකයො ගැන කතාකරන්නෙ ක්‍රිකට් ගහලා නැති අය.ඉතිං කොහොමද අපේ රටේ ක්‍රිකට් දියුණු වෙන්නේ” යැයිද ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!