Gossip

උඹට මගේ තැන ඉඩ මදි වුනාම, උඹ උඹේ කොටස ලොකු කරගත්තා – ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ කරපු චමු ශ්‍රී කිව්ව සංවේදී කතාව

ලංකාවේ ඉන්න ජනප්‍රිය මියුසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක් තමයි චමූ ශ්‍රී කියන්නේ.

චමු ශ්‍රී පසුගිය කාලය පුරාවටම විවිධ වීඩියෝ නිර්මාණය කළ අතර එම වීඩියෝ දැඩි ලෙස විවේචනයටද ලක් වුණා.

ඒ කෙසේවෙතත් චමු ශ්‍රී කියන්නේ සාර්ථක නිර්මාණ කිහිපයක්ම පිටුපස ඉන්න මේ සොඳුරු නිර්මාණකරුවෙක් බව සැවොම දන්නා කරුණක්.

ඉතින් චමූ ශ්‍රී අද උදේ මුහුණුපොතට එක්කළ සටහනයක් නිසා නැවතත් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙලා තියෙනවා.

ඔහු ලියා ඇත්තේ සොබාදහම ලෙසයි.

එම සටහනයි මේ.

උබව බිහිකළේ මං
උබ හැදුනේ වැඩුනේ මාගේ තුරුලේ
උබට කන්න බොන්න දුවන්න පනින්න
මං ඉඩ දුන්නා.උබ දුවල පැනල ලොකු වුණා.
උබට මගේ තැන ඉඩ මදි වුනාම
උබ උබේ කොටස ලොකු කරගත්ත,අයිතිකරගත්තා.
මගේ අනිත් දරුවෝ උබට බාදාවක් උනාම උබ උන්ව එලෙව්වා මැරුව.
උබ උබට ඕනේ විදියට සැරිසරනවා.
මට ටිකක් දුක හිතුනා.
මේ මට ටිකක් කදුළු ආවා විතරයි.
උබ බයවුනාද? රිදුනද ?
උබලා මට රිද්දන තරම මට රිදෙන තරම
මට උබලට පෙන්වන්න පුළුවන් මේ විදියට තමයි.හොටු පෙරාගෙන කෑ ගහගෙන
බිම පෙරලිගෙන මං අඩන දවසක් එන්න දෙන්නෙපා.
එදාට උබට ගොඩක් රිදෙයි
“මීට සොබාදහම”
~~~Chamu Sri~~~

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!