Gossip

ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව නොදුටු මහ විපත අනෙක් රටවල් කලින්ම දැකලා – ඡායාරූප මෙන්න

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය නිසා මේවන විට බොහෝ දෙනා පීඩාවට පත්වෙලා තියෙනවා.

මේ හේතුවෙන් මරණ කිහිපයක්ද වාර්තා වෙලා තිබෙන අතර ධීවරයන් කිහිප දෙනෙකුද අතුරුදන්ව ඇති බවට වාර්තා වුණා.

ඊයේ දිනයේ පැවති අයහපත් කාලගුණ තත්වය නිසා නිවාස බොහෝමයකටද හානි සිදුවුණා.

කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (29) දිනයේ නිවේදනය කළේ විදෙස් වාර්තා බලා කුණාටු තත්වයක් පිළිබඳව හෝ ගංවතුර අවධානමක් පිළිබඳ ජනතාවට කලබල නොවන ලෙසයි.

නමුත් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට මෙවැනි කාලගුණ තත්වයක් බලපාන බව විදෙස් වෙබ් අඩවි කිහිපයක් විසින් මීට පෙර අනාවරණය කර තිබුණා.

ඒ අනුව එම වෙබ් අඩවිවල දැක්වුණේ සති මැද භාගය වනවිට ශ්‍රී ලංකාවේ කාලගුණ වෙනස්වීමක් හා අධික වර්ෂාපතනයක් දැකගත හැකි බවයි.

තවද වැසි සහ ගිගුරුම් සහිත වැසි සහිත කාලගුණ තත්වයක් දිවයිනට බලපාන බවත් සති අන්තය වන විට නිවර්තන සුළි කුණාටුව බෙංගාල බොක්ක හරහා අන්දමන්, නිකොබාර් දූපත් හා ශ්‍රී ලංකාව අතර වර්ධනය වීමට ඉඩ ඇතැයිද එම වාර්තාවන්වල සඳහන් වී තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!