Gossip

මංජුල පීරිස් පුතා ගැන කිව්ව අනාවැකිය හරියටම හරි – විස්තර මෙන්න

මංචන පීරිස් කියන්නේ ජෝතීර්වේදී මංජුල පීරිස්ගේ පුතා. ඒ නිසාම මංචනට එල්ල වන චෝදනා අපහාස මඩ ප්‍රචාර අති ප්‍රබලයි. ඒ සියල්ලටම නොසැලී මුහුණ දෙන මංචන සිනමා කර්මාන්තය තුළ තම උත්සාහයෙන් දුර ගමනක් යන්න සිහින දකින තරුණයෙක්. ඉතින් මේ මංචන පුවත්පතක් හමුවේ සිදුකළ කතාබහක්.

වයස කියන්න කැමතිද?
අවුරුදු 23 යි

පුංචි සන්ධියේදී කලා ක්ෂේත්‍රයට අත්පොත් තිබ්බ මංචන තාමත් කලාවත් එක්ක බැඳිලා ඉන්නවා නේද?
ඔව්. මම කලාවට ආවේ රූපවාහිනී වෙළඳ දැන්වීමකින්.ඊට අමතරව මේ වෙද්දි මම මියුසික් වීඩියෝ 08කටත් සම්බන්ධ වෙලා තිබෙනවා.

මංචනට තාත්තා කියූ හොඳම අනාවැකිය මොකද්ද?
කවදා හෝ මම සිනමා ක්ෂේත්‍රය තුළ දුරගමනක් යනවා කියන එක

සිනමාව ගැන හීනයක් මංචනටත් ඇති?
මම සිනමාවට හුඟක් කැමතියි. මගේ එකම හීනය සිනමාව. පුංචි කාළෙදි මම අම්මයි තාත්තායි එක්ක නිතරම චිත්‍රපට බලන්න ගියා. ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා මහත්තයා තමයි මගේ ජීවිතේ වීරයෝ වුණේ. ප්‍රධාන නළුවා තිරය තුළ මතුවෙද්දී ප්‍රේක්ෂකාගාරයෙන් ඇසෙන විසිල් හඬට ඒ අවස්ථාවට මම තදින්ම ඇලුම් කළා. කවදාහරි මමත් මේ වගේ නළුවෙක් වෙනවා කියන දේ එදා මම හිතට ගත්තා.

තවමනම් අපි නිර්මාණ තුළින් මංචනව අපි දැක්කේ නෑ?
ළඟදීම දකීවි.මගේ පළමු චිත්‍රපටය එය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත. ප්‍රධාන නළුවා හේමාල් රණසිංහ, ප්‍රධාන නිළිය පූජා උමාශංකර්. මමත් සැළකිය යුතු චරිතයක් එහි නිරූපණය කරනවා. දැනට චිත්‍රපටය නම් කරලා තියෙන්නේ රාජා රාණි කියලා. පස්සේ නම වෙනස් වෙයිද දන්නේ නෑ. කොහොම නමුත් ලබන අවුරුද්දේ චිත්‍රපටය තිරගත වෙයි.

පසුගිය කාලේ වෙබ් අඩවිවලින් මංචනට ගොඩක් මඩ ගැහුවා නේද?
නළුවෙක් විදියට කළඑළි බහින්නත් කළින් මට ලැබුණු පූර්ව ප්‍රචාර විදියටයි මම ඒ ගොසිප් දකින්නේ. මං ගැන නොදැන සිටිය බොහෝ දෙනෙක් මේ දේවල් නිසා මාව හදුනාගත්තා. ඒක මට කළ ලොකු උදව්වක්.

හැමදාම තාත්තාගේ සල්ලිවලින්ද ජීවත්වෙන්න හිතන්නේ?
අපෝ නෑ. කොල්ලෙක් විදියට මම හම්බකලා මම තනිවම චිත්‍රපටයක් කරලා මෙන්න මම තනියම දෙයක් කළා කියලා අම්මාටයි තාත්තාටයි පෙන්වන්න මට ඕන. ලොකුකමකට නෙවෙයි.ඒ අම්මයි තාත්තායි මං වෙනුවෙන් කළ කැපකිරීම්වලට කෘතගුණ සැළකීමක් විදියට. මගේ අම්මායි තාත්තායි මගේ හෙවනැල්ල වගේ. මම යන්න ඕනි ගමන මොකද්ද කියලා ඒ අය මට පෙන්වනවා. නමුත් අනවශ්‍ය විදියට බලපෑම් නෑ. නිදහස උපරිමයෙන් දීලා තියෙනවා.

මංචනට ලස්සනට නටන්නත් පුළුවන් නේද?
නර්තනය මම හුඟක් දුරට හැදෑරුවා. රංගනයත් ඒ තරමට හදාරන්නයි මට ඕන.

මංචනට ගෑණු ළමයින්ගේ ඇල්ම බැල්මත් නොඅඩුව තිබෙනවානේ. නැද්ද තවම ප්‍රේමවන්තියක්?
තවම නෑ, විවාහයටත් තවම පොඩි වැඩියි. ගෙදරිනුත් කලබලයක් නෑ. දක්ෂ නළුවෙක් විදියට ඉස්සරහට ගිහින් පස්සේ ඒ ගැන හිතනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!