Gossip

දැක්කත් ආඩම්බරයක් දැනෙන “රණකාමීන්ගේ පාගමන” – Photos

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවට සහ 53 වන සේනාංකයට වසර 25 ක් පිරිම නිමිත්තෙන් කිලෝමීටර් 310 ක (රණකාමීන්ගේ පාගමන) දිගු පාගමනක ආරම්භක උත්සවය මැදවච්චිය නගරයෙන් 29දා උදෑසන ආරම්භ.
“රණකාමීන්ගේ පාගමන” සඳහා යුද්ධ හමුදාවේ සියලු ඒකකයන්හි මෙන්ම ගුවන් සංග්‍රාමික බලසේනා පුහුණු පාසලේ සාමාජිකයින් 729 ක් සහභාගී වන අතර, දින 11 කින් පසුව අනුරාධපුරය, දඹුල්ල, නාවුල, උකුවෙල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, පස්යාල, නිට්ටඹුව, කඩවත සහ බොරැල්ල යන නගරයන් පසුකරමින් කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ලඟාවීමට නියමිතව ඇත.
මහනුවරට පා ගමන් ලඟා වූයේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි සහ ගුවන් සංක්‍රමික බලසේනාධිපති කර්නල් නිස්ශංක ඊරියගම මහත්වරුන්ගේ සහභාගීත්වයෙනි.
මහනුවරට ළඟාවූ රණකාමීන් මහනුවර ශ්‍රී දළදා මාළිගයේ පැවති ආගමික වතාවත් වලටද සහභාගී විය..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!