Gossip

සෑම විටම හොඳම දේ අනුන්ට යන්න චේතනාව කරගත් තෙරේසා මව්තුමියගේ පාද විකෘති වී තිබුණේ ඇයි..? ලොවම පුදුම කරවන ඒ කතාව මෙන්න

තෙරේසා මව්තුමියගේ පාද යුගල ගැන ලොවම අවධානය යොමුකර තිබුණා.
ඒ යාඥා කිරීම සඳහා ඇගේ සපත්තු ගැලවූ විට කරගැටවලින් පිරි ඉතා අක්‍රමවත් ඇගිලිවලින් යුත් පාද යුගලක් ඇයට පිහිටා තිබීමයි.
මෙම අක්‍රමවත් පාද නිසා තෙරේසා මව්තුමියට නිවැරදි දිශාවට පාද තැබීමට පවා අපහසුව තිබූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් බොහෝ දෙනෙකු විශ්වාස කළේ මෙම පාදවල පිහිටීම උපතින්ම ඇතිවූ දෙයක් බවයි.
නොඑසේනම් හදිසි අනතුරක ප්‍රතිඵලයක්, රෝගී තත්ත්වයක අතුරු එලයක් හෝ සමහර විට ලාදුරු රෝගය හේතුවෙන් අතුරු ආබාධයක් වියහැකි බව බොහෝ දෙනෙකුගේ මතය වුණා.
නමුත් එහි සත්‍ය එය නොවන බවයි පසුව වාර්තා වී තිබුණේ.
තෙරේසා මව්තුමිය ඇතුළු සියළුම කන්‍යා සොහොයුරියන් සම්පුර්ණයෙන්ම යැපුණේ දානපතියන් වෙතින් ලැබුණු පරිත්‍යාග මතයි.
සියලුම දෙනා පැළඳි සපත්තුද ඒ අයුරින්ම ලැබුණු පරිත්‍යාග වුණා.
දුප්පත් ජනයා අතර බෙදා දීම සඳහා වරින් වර සපත්තු තොග ලැබුනවිට තෙරේසා මවුතුමිය සපත්තු ගොඩ අවුස්සා බලා ඇය වෙනුවෙන් තෝරාගත්තේ සියළුම සපත්තු අතරින් තවත් කෙනෙකුට පැලඳීමට අපහසු, නරකම සපත්තු යුවළක්.
තෙරේසා මවුතුමියගේ දෙපා විකෘති වීමට හේතුව දීර්ඝකාලී ලෙස දෙපයට නොගැළපෙන සපත්තු පැළඳීම බව සඳහන් වනවා.
ඇය දුප්පතුන්ට අසීමිත ලෙස දයාව පෑව අතර සෑම විටම හොඳම දේ අනුන්ට යන්න ඇයගේ චේතනාව වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!