Gossip

“ත්‍රීවීල් එක පවා ෆිනෑන්ස් එකෙන් අරගෙන ගියා.. ජීවිතේ ගොඩක් වැටුණා. අපේ සංගීත කණ්ඩායමට වැඩ ටිකක්වත් ලැබුණොත් මේ දේවල්වලින් නැගිටගන්න පුළුවන් වෙයි”

මධුරංග කියන චරිතය දැන් මුළු රටම දන්නවා.
නොලැබීම් උරුම ජීවිතය හිතේ හයියෙන් ජයගන්න උත්සහ කරන ඔහු තරුණ සේවා සභාව මගින් සංවිධාන කළ ගායන තරගයකදී ප්‍රථම ස්ථානය හිමිකරගන්නවා.
පසුව ඔහුගේම ගීතවලින් සහ සංගීත කණ්ඩායම නිසා රසික හදවතේ ආදරය දිනාගන්නවා.
හැබැයි ඔහු දැන් අසරණ තත්ත්වයකට පත්ව සිටින බව අපට දැනගන්න ලැබුණා.
ඒ නිසාම අපි මධුරංගට කතා කරලා බැලුවා.

කොහොමද ජීවිතේ..?
ප්‍රශ්න, කරදර අඟහිගකම් මැද ජීවිතේ ගෙවිලා යනවා.

ඇයි ඔබ එහෙම කියන්නේ..?
පවුලේ හැමදේම කරන්නේ මම.. අපිට පුංචි දුවෙක් ඉන්නවා.. ඒ නිසා වියදම් වැඩියි..
මගේ පළමු දරුවා නැතිවුණා..
දරුවෙක් එක්ක පවුලක් නඩත්තු කරනවා කියන්නේ ලොකු සටනක් දෙන්න ඕනේ දෙයක්.
මට එහෙට මෙහෙට යන්න තිබුණු ත්‍රීවීල් එක පවා ෆිනෑන්ස් එකෙන් අරගෙන ගියා.. ජීවිතේ ගොඩක් වැටුණා මම.

ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද..?
ඇත්තටම අපේ සංගීත කණ්ඩායමට අවස්ථා ලැබුණොත් අපිට ජීවිතේ ගොඩනගාගන්න ශක්තියක් වේවි.
අපිට අනුග්‍රහයක් දක්වන්න පුළුවන්නම්.. මම ඉන්න තත්ත්වය ඔබට පේනවා ඇති.. එකම දේ තමයි අපේ සංගීත කණ්ඩායමට වැඩ ටිකක් ලැබුණොත්.. ජීවත් වෙන්න පාර හදාගන්න ලොකු හයියක් වේවි..

මධුරංගගේ දුරකථන අංකය – 0752276513

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!