Gossip

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අලෙවිසැල් ජාලයක් වන ලංකා සතොස ආයතනය විසින් පාරිභෝගිකයන් හට දීමනා හා වාසි රැසක්.

ලංකාවේ අඩුම මිලට භාණ්ඩ ලබා දෙන ආයතනයක් ලෙස ලංකා සතොස ශ්‍රී ලාංකිකන්ගේ ජීවන බර අඩු කිරීමට සෑම විටම කටයුතු කරන අතර පාරිභෝගිකයන් හට ලබා දෙන භාණ්ඩ හා සේවාවල ගුණාත්මක බව පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වයි.

වසර පුරා සුවිශේෂී වට්ටම් සමගින් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ලංකා සතොස විසින් පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබයි. පාරිභෝගිකයන් හට මෝටර් රථ, Scooty Pep Bike, මිලියනයක් වටිනා මුදල් තෑගි සහ වව්චර්පත් දිනාගැනීමේ වරම් මේ තුලින් උදාවේ.

එසේම තම අලෙවිසැල් ජාලය පුළුල් කරමින් දීප ව්‍යාප්ත ලංකා සතොස ආයතනය මේගා ශාඛා විවෘත කරමින් වර්ථමාන තරඟකාරිත්වයට මුහුණ දෙන අතර පාරිභෝගිකයින් අතර සතොස නාමය ප්‍රචලිත කිරීම සදහා විශේෂ වු වැඩසටහන් රාශයක් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකා සතොස ආයතනය SLIM NIELSON FMCG ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවේය. එසේම ශ්‍රී ලංකිකයන්ගේ සමාජීය අවශ්‍යයතාවන් හඳුනා ගනිමින් සමාජ සත්කාරක ව්‍යාපෘතින් රාශියක ලංකා සතොස වෙතින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෑතකදී කරනු ලැබූ කළුබෝවිල ශික්ෂණ රෝහෙල් මාතෘ ඒකකයට අවශ්‍යය උපකරණ ලබාදීම එයට කදිම උදාහරණයකි.

මෙම ආයතනය පාරිභෝගික ඔබ වෙනුවෙන්ම පිහිට වන ලැබු එකක් වන අතර එහි ප්‍රතිලාභය වන්නේද ඔබමය. වර්ථමානයේ ලංකා සතොස ආයතනය ලබා ඇති උන්නතියට හිමිකරු වන්නේ ශ්‍රී ලංකික ප්‍රජාව ඔබ වන අතර එහි පැවැත්මද රඳා පවතින් ශ්‍රී ලංකික ප්‍රඡාව මෙම අයතනයට කරනු ලබන දායකත්වය අනුවය.

කුසපත් ඇදීම සතොස ප්‍රධාන කාර්යාලයේදී

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!