Gossip

වැලිසර දී 16 හැවිරිදි සිසුවා පැදවූ රථයට යටවූ 17 හැවිරිදි සිසුවාත් මරුට

වැලිසර, මහබාගේ සුසාන භූමිය අසල දී පසුගිය 04 වනදා සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා ද මියගොස් තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙවර උසස්පෙළ හදාරමින් සිටි සිසුවෙක්.

16 හැවිරිදි සිසුවෙකු විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් වැලිසර ප්‍රදේශයේදී තවත් වාහන කිහිපයක ගැටීමෙන් අදාළ අනතුර සිදුවී තිබුණා.

එහිදී යතුරුපැදියක ගමන්කරමින් සිටි මෙම පාසල් සිසුවා අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

අනතුරින් එම සිසුවා ගමන්කළ යතුරුපැදිය පදවාගෙන ගිය ඔහුගේ ඥාතියෙකු වූ 52 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගියා.

ඔහු හිටපු හමුදා සෙබෙලෙකි.

මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදුවු ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයා පැවසුවේ වාහනය පුතා විසින් රැගෙන ආ බව තමන් නොදැන සිටි බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!