Gossip

කරාපිටිය රෝහලට ඇතුළත් කළ රන්ජන් ව කොළඹට මාරු කරයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක ගේ දණහිසෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

ඔහුව ඊයේ (10) දින සවස ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කරන ලෙස එහි වෛද්‍යවරුන් උදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව රන්ජන් රාමනායකව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කෙරුණා.

අද දින ඔහුව කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනය වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 16 වන දින නැවතත් එම සායනයට ඉදිරිපත් කිරීමට වෛද්‍යවරුන් උපදෙස් දී තිබෙනවා.

එම දිනය දක්වා කොළඹ වැලිකඩ බන්ධනාගාරයට අනුබද්ධ බන්ධනාගාර රෝහලේ ඔහුව රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව වාර්තා වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!