Gossip

විශ්මා සඳමාලිගේ ඥාතීන් ජපාන බලධාරීන්ට එරෙහිව නඩු පවරයි

ජපාන ආගමන විගමන බලධාරීන් භාරයේ සිටියදී මියගිය විශ්මා සඳමාලිගේ පවුලේ ඥාතීන් විසින් එම බලධාරීන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකර තිබෙනවා.

ඒ, එම තරුණියට ප්‍රමාණවත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින්.

33 හැවිරිදි විශ්මාගේ වීසා කාලය ඉක්මවා ජපානයේ රැඳී සිටීම හමුවේ පසුගිය වසරේ අගොස්තු මාසයේ සිට ජපාන ආගමන විගමන බලධාරීන්ගේ භාරයේ පසුවුණා.

එහිදී උද්ගතවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය 2021 මාර්තු මාසයේදී මියගියා.

විශ්මාගේ මරණය හේතුවෙන් ජපාන සංක්‍රමණ නීති පිළිබඳ දැඩි කථාබහක් නිර්මාණය වුණා.

ඒ නිසා ජපන් බලධාරීන් විසින් ගෙන ඒමට නියමිත ව තිබූ නව නීති මාලවක් හකුළා ගැනීමට පවා සිදුවුණා.

2017 වසරේ ශිෂ්‍ය වීසා මත ජපානයට ගොස් තිබූ විශ්මා සඳමාලි 2020 වසරේ දී ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ ජපාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

ඒ නියමිත වීසා බලපත්‍රය පිළිබඳව ඇතිවූ ගැටලුවක් හේතුවෙන්.

අනතුරුව ඇය නගෝයා නුවර රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවනු ලැබ සිටියදී මරණයට පත්වුණා.

මෙම මරණය ජපානය තුළ දැඩි ආන්දෝලනයක් ඇතිකරන ලද්දේ ශ්‍රී ලංකික තරුණියකට නිසි ආහාර සහ වෛද්‍ය පහසුකම් නොලැබුණු බවට අනාවරණය වීමත් සමගිනි.

මෙලෙස අපරාධ නඩුවක් පැවරීමට ඇගේ ඥාතීන් පියවරගෙන ඇත්තේ ජපාන බලධාරීන්ට යම් පීඩනයක් ඇති කිරීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!