Gossip

නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් හිතහොඳ ටීචර් – පළමු බයිපාස් එක කළේ වයස 13දී

ඇය, වරුණි මධුභාෂනි. දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් අතර ජනප්‍රිය හිතහොඳ ගුරුවරියක්.

නමුත් ඇය පසුපස අවාසනාව නිතරම හඹා ආවා.

ඒ ඇය හෘද රෝගයකින් පෙළීම හේතුවෙන්.

සුපුරුදු පරිදි දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කළ මධුභාෂනි, සවස සිය ගුරු සහෝදර සහෝදරියන් සංවිධානය කළ උද්ඝෝෂණ පා ගමනට ද එක්වුණා.

නමුත් එය ඇයගේ අවසාන ගමන වේ යැයි ඇය කිසිවිටෙකත් නොසිතන්නට ඇති.

එම සිදුවීම වාර්තා වූයේ මෙසේය.

“හෘද සැත්කමක ට ලක්වී සිටි ගුරුවරියක් ගුරු උද්ඝෝෂණයක් අතරතුර දී හදිසියේ අසනීප වී රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබේ…” යනුවෙන්.

එම විරෝධතා පා ගමන අතරතුර මධුභාෂනි ඇදවැටී ඇති අතර රෝහල් පසුව ගතකිරීමේ දී ඇය මියගොස් තිබුණා.

මියයන විට මධුභාෂනිගේ වයස අවුරුදු 27යි.

ඇය මීට පෙර හෘද සැත්කමකට මුහුණ දී දෙණියාය මුලික රෝහලේ මාසික සායනයට ද සහභාගී වන තැනැත්තියක් ද බව වාර්තා වුණා.

ඇදවැටීමෙන් අනතුරුව දෙණියාය මුලික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

ගුරුවරියගේ හදිසි මරණ පරීක්ෂණය අද දෙණියාය මුලික රෝහලේ පැවැත්වීමට නියමිත අතර කොස්මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

මියගිය ගුරුවරියගේ ඥාති සොහොයුරියක් රෝගී තත්ත්වය ගැන කියා සිටියේ, “එයාට කොලෙස්ටරෝල් තිබුණා මූලිකවම. මුලින්ම පරික්ෂණය කරද්දි 723ට තමයි එයාගේ ෆාස්ටින් කොලෙස්ටරෝල් ලෙවල් එක තිබුණේ. ඊට පස්සේ වෛද්‍ය මදුරාවෙල තමයි එතනට රැගෙන ගිහින් බැලුවේ. ඊට පස්සේ වෛද්‍ය නාමල් ගමගේ. මෙයාට අවුරුදු 13 දී තමයි බයිපාස් ඔපරේෂන් එක කළේ. එතකොට ඊට පස්සේ එහෙම හිටියා. නැවත මේ ළඟදි පපුවේ අමාරුව හැදිලා දෙණියායේ රෝහලට රැගෙන ආවා. මෙහෙ සායනයටත් ආවා ගියා. ඊට පස්සේ දැන් සති දෙකට තුනකට කලින් පරික්ෂණයක් කළා කරාපිටියේ රෝහලේ දී ඒ අවස්ථාවේදී කියලා තිබුණා යළිත් නහරවල කොලෙස්ටරෝල් තැන්පත් වෙලා කියලා. නැවත ඔපරේෂන් එකකට යන්න අමාරුයි කියලා තිබුණේ.” යනුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!