Gossip

පෙම්වතාගේ SMS දුටු පාසල් සිසුවිය යකා පාලමෙන් ගඟට පනී – පෙම්වතා කිසිවෙකුටත් නොකියා ගෙදර ගිහින්

මහනුවර බාලිකා විදුහලක 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සිසුවියක් පේරාදෙණිය කළු පාලම අසලින් මහවැලි ගඟට පැන අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා බව කියන 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර, නැත්නකුඹුර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි මෙම සිසුවිය ඉකුත් 09 වනදා සිට අතුරුදන් බවට ඇයගේ දෙමාව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ, අනුව සිසුවියගේ පෙම්වතා පෙරේදා (14) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

බැඩිමින්ටන් පුහුණුවක් සඳහා මෙම සිසුවිය ඉකුත් 09 වනදා පස්වරු 2.30ට පමණ මෝටර් රථයෙන් පාසලට ඇරලවා පිය පිටව යනවාත් සමග ඇයද පාසලෙන් පිටතට පැමිණෙන අයුරු CCTV කැමරාවල සටහන්වී ඇතැයි පොලීසිය පවසනවා.

අනතුරව ඇය තමන් හමුවීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාබදව පිහිට කළු පාළම අසලට පැමිණි බවත්, තමාගේ දුරකථනයෙන් වෙනත් තරුණියකට යවන ලද කෙටි පණිවිඩ කිහිපයක් දැක ඇය පාලමෙන් ගඟට පැන්න බවත් තරුණයා පොලීසියට පවසා තිබෙනවා.

ඇය ගඟට පැනීම නිසා බියට පත්වූ තමා සිද්ධිය කිසිවෙකුට හෝ නොකියා සිය නිවසට වී සිටි බව තරුණයා පොලීසියට පාපොච්චාරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ ප්‍රකාශයෙන් පසු පොලිස් ජීවිතාරාක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කළු පාලම අසලින් මහවැලි ගඟට බැස පරික්ෂා කර ඇතත් ඇය පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කළ තරුණයා අද (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!