Gossip

SMS එකක් ගැන සහෝදරයා දුන් උපදෙසට උරණ වූ නැගණිය සිරුරට ගිනි තබාගනී

නිවෙසේ නාන කාමරයේ දී සිරුරට ගිනි ඇවිළීමෙන් පාසල් සිසුවියක් පසුගියදා රාත්‍රියේ මියගොස් ඇතැයි ගලහ පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ, ගලහ ප්‍රදේශයේ ම පදිංචි අවුරුදු 19ක් වු පාසල් සිසුවියක්.

ඇය තම නිවැසියන්ට හොරෙන් ජංගම දුරකථනයක් භාවිතර ඇති අතර, එම දුරකථනයට ආ කෙටි පණිවුඩයක් දුටු ඇයගේ සහෝදරයා මේ සම්බන්ධයෙන් ඇයට අවවාද කර ඇති බව පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා.

තම නිවසේ නාන කාමරය තුළ දී සිරුරට ගිනි තියාගෙන ඇති බව පොලීසිය කියයි.

මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේ දී ඊයේ (16) සිදුකර තියෙනවා.

ගලහ පොලීස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදර මහතාගේ උපදෙස් මත ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!