Gossip

බාල වයස්කාර පාසල් සිසුවෙක් ව අපයෝජනය කළ අයෙක්ට වසර 21ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බවට මහාධිකරණ හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා තුනක් ලබා සිටි චීවරධාරීයාට වසර 21ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළා.

එකී අධිචෝදනා තුනටම ඔහු වරදකරු බවට තීන්දුකළ අනුරාධපුර මහාධිකරණය විනිසුරු විරාජ් රණතුංග මහතා විත්තිකාර චීවරධාරීයාට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කටයුතු කර තිබුණා.

එක් අධිචෝනාවකට වසර හත බැගින් වසර 21ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් චූදිතයාට නියම කෙරුණා.

මීට අමතරව අධිචෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් 15,000 බැගින් දඩ මුදල් ගෙවන ලෙසද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එකී දඩ මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් මාස 18ක සිරදඬුවමක් නියම කළා.

එමෙන්ම අධිචෝදනා තුනකට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි මුදල් පැමිණිලිකාර වින්දිත බාලවයස්කාර පාසල් සිසුවාට ගෙවන ලෙස ද විත්තිකාර චීවරධාරීයාට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එකී වන්දි මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකාරු තවත් මාස හයක සිරදඬුවමකටද යටත් කළා.

මෙලෙස සිරදඬුවම් නියම වුයේ බදුල්ලේ ධම්මකිත්ති නැමැති 51 හැවිරිදි චීවරධාරියෙකුටයි.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබුණා.

ඒ අනුව, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආ (2) වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් වෙන් වෙන් වශයෙන් අධිචෝදනා තුනක් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර අංක දෙක මහා‍ධිකරණයට හමුවේ ගොනු කර තිබුණා.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති අධිචෝදනා තුනම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බව නඩු තීන්දුවේ සඳහන්ය.

එම විත්තිකරු විසින් අදාළ වරද 2016 වසරේ දෙසැම්බර් මස 01 වනදා සිට 2017 වසරේ පෙබරවාරි මස 06 වනදා දක්වා අතර කාලය සිදුකර ඇති බව හෙළිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!