Gossip

රවිඳු අතුරුදන් වී මාස 11කට පසුව ලැබුණ හෝඩුවා ව

තම පුතා මියගොස් ඇතැයි සිතා සිටින දෙමාපියන් ට දරුවාගේ ඡායාරූපයක් හෝ දැකගැනීමට ලැබීම සැබවින්ම මහත් අස්වැසිල්ලක්.

එවන් පුදුම සහගත සිදුවීමක් හබරාදූව, ඉමදූව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මීට මාස 11කට ඉහත දී කොග්ගල අවට මුහුදේ දී අතුරුදන් වු බවට පැවසෙන 19 හැවිරිදි සාලිය රවිඳු ප්‍රියංකර, දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවාය.

පසුගිය දවසක රවිඳුගේ පින්තූරයකට සමාන ඡායාරූපයක් ෆේස්බුක් හි තිබෙන දැක ඇති රවිඳුගේ මව පවසා සිටින්නේ එහි සිටින්නේ රවිඳු බවයි.

ඒ අනුව රවිඳුගේ මව හබරාදූව පොලීසියට පැමිණිල්ලක් කර ඇත්තේ තමාගේ අතුරුදන් වූ පුත්‍රයා හැකි ඉක්මනින් සොයාදීමට කටයුතු කරදෙන ලෙස ඉල්ලමිනි.

මේ පිළිබඳ අදහස් දැක්වු රවිඳුගේ මව,

“පුතා මට හොරෙන් තමා මම වැඩට ගිය වෙලාවේ, ජනවාරි 11 වෙනිදා මුහුදේ නාන්න ගිහිල්ලා. මම දන්නේ නෑ. වැඩපොළට කෝල් එක ආවේ දරුවා වතුරේ ගිහින් කියලා. මං එදා ඉඳලා හොයන එක කරන්නේ මේ වෙනකල්ම. මගේ රත්තරන් පුතා තමා ඔය ඉන්නේ. මං ඕන තැනක දිවුරලා කියනවා. මගේ පුතාව හොයලා දෙන්න කියලා. මම ඕක දැක්කේ දෙසැම්බරු 7 වෙනිදා හැන්දෑවේ. මම දැක්ක ගමන් මෙයා ගාවට පැන්නා පුතේ අයියා කියලා…”

රවිඳුගේ මව විසින් සිදුකළ පැමිණිල්ල අනුව හබරාදුව පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක, ස්ථානාධිපති ඩී.එච්.එස්.ඒ කරුණාරත්න මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම මාතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන අංශයේ, ස්ථානාධිපතිවරයා වෙත යොමුකරලා තියෙනවා.

පාපිසි මසා පවුලේ ජීවිකාව ගෙන යන රවිඳුගේ එකම බලාපොරොත්තුව රවිඳු කෙදිනක හෝ නැවතත් තමා අභියසට පැමිණෙනු ඇති බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!