Gossip

මවගේ අනියම් සැමියා සහ සෙබළ පෙම්වතා 14 හැවිරිදි දැරිය ගැබිනියක් කරලා

14 හැවිරිදි දැරියක් සති 8ක ගැබිනියක් බවට පත්කළ මවගේ අනියම් සැමියා සහ හමුදා සෙබළා පෙම්වතා අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලීසිය පවසනවා.

පසුව දැරිය රෝහල් ගත කර තිබෙනවා.

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පානදුර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථායක් වෙත ගිය දැරිය ගැබ්ගෙන ඇති බවට අනාවරණය කරගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

රෝහල මගින් අලුබෝමුල්ල පොලිසිය දැවත් කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මීට වසරකට පමණ ඉහතදී පියා වෙනත් විවාහයක් කරගෙන මව අත්හැර දැමීමෙන් අනතුරුව මවගේ අනියම් ස්වාමි පුරුෂයා මව රැකියාවට ගිය අතරවාරයෙදී දැරිය දූෂණයට ලක් කර තිබූ බව මූලික විමර්ශනවලදී දැරිගේ ප්‍රකාශයනික් අවාවරණය වී තිබෙනවා.

මීට මාස කිහිපයකට ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගා ගත් 19 හැවිරිදි හමුදා සෙබළාට ඒ බව පැවසීමෙන් අනතුරුව නිවසේ කිසිවකු නොමැති අවස්ථාවලදී ඔහු ද තමන් දූෂණයට ලක් කළ බව දැරිය වැඩිදුරටත් ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

සැකකරුවන් දෙදෙනා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදරිපත් කිරීමට නියමිතයි.

අලුබෝමුලල් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

– අරුණ පුවත්පත –

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!