Gossip

අල ගෙඩියේ බර වැඩි කරන්න සිදුරුවලට මැටි පුරවලා

සතුන් විසින් කා දමන ලද අර්තාපල් අල ගෙඩියේ බර වැඩි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ දිනවල දේශිය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 220 ත් 260ත් අතර මිලක් දක්වා හහළ ගොස් තිබෙනවා.

අර්තාපල් ගෝනිය මැද නරක් වූ අර්තාපල් සේම සතුන් විසින් හානි කිරීම නිසා ඒවාට මැටි පුරවන ලද අර්තාපල්ද වැඩිපුර දක්නට ලැබෙනව බව ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීන් පවසනවා.

එමෙන්ම සතුන් හානි කරන ලද වැටකොළු ගොවියෙක් බර වැඩි කිරීම සඳහා එම සිදුරුවලට ගිනිසීරියා කොළ දැමීමේ සිද්ධියක් ද වාර්තා වෙනවා.

වැටකොළු කිලෝවක තොග මිල ද මේ දිනවල රුපියල් 220ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෑම එළවළු ගෝනියකම නරක් වූ එළවළු, මැයි, ගල් සැට ආදිය කිලෝ දෙක තුනක් තිබෙන බවද ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීන් පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!